Thursday, March 26, 2015

හිස පොලොවට කඩාවැටීම




වේලිවේලි හිටපු අපිට පෙරේදා පට්ට නිව්ස් එකක් ලැබුණාය.ඒ වෙන කිසිවක් නොව සහෝදර මාධ්‍ය දෙකක් ඇරගැනීම පිලිබදවය.අපේ ඉස්කෝලේ කාලේ නම් මේ වගේ සීන් සාමාන්‍යය දේවල්ය.ඒත් සභ්‍ය හා සදාචාරවත්(යැයි සැලකෙන) සමාජයේ මේවා හිරිකිත වැඩය.මේ පිලිබද කන වැටුනු විගස මා මේ පිලිබදව නිවැරදි විස්තරයක් සෙව්වාය.ඒත් හරිහමන් විස්තරයක් ලැබුනේ නැත.ඉදින් මමම මේ ගැන මොකක්හරි ලියන්නට සිතුවාය.

දෙරණෙන් කියන්නේ සිරසේ කස්ටිය දෙරණට කඩාපැන්නා කියාය.එත් එයට හේතුවක් කියන්නේ නැත.එම සිදුවීම රටේ ජාතික ප්‍රශ්නය කරගනිමින් දගලනවාය.එය එසේ තමාය.අපේ එකෙකුට බැන්නටත් එය අපටද වදිනවාය.දෙරණට කඩාපැන්නැයි කීවද කිසිදු ගැටුමක් සිදුවී නැත.සිදුව ඇත්තේ අවසරයකින් තොරව ඇතුලුවීම පමණි.මා එය සාධාරණය ‍නොකරණවාය.නමුත් මුරකරුවන් සිටින්නේ බම්බු ගසන්නටදැයි අහන්නට අපට සිතෙනවාය.නමුත් ගැටලුවක් තිබේය.රූපවාහිනියට පහරදෙනවිට,සියත ගිනිතියනවිට,ලසන්ත ඇතුලු මාධ්‍යවේදීන් අතුරුදහන්වනවිට දෙරණ හ්ම් සද්දයක් නැත.මාධ්‍ය ප්‍රකාශයක් ගැනීමට සිරසෙන් පිරිසක් යනවිට එය හෙන ලොකු සීන් එකකි.

අනිත් පැත්තෙන් සිරසින් කියන්නේ ප්‍රකාශයක් ලබාගැනීමට දෙරණට ගිය බවය.දෙරණේ සෙට්එක සිරසේ පරණ කුණු අදිමින් සියිනවාය.සිරසට කොටි සමග සබදතාවක් තිබුණේද යන්න මා දන්නේ නැත.එක් මෑතකාලයේ සිරස නොබියව ‍දේශපාලනික පෙරලියකට පාර කැපුවාය.රාජ්‍ය නාලිකා වගේ පෙරලෙන අතට කඩේ නොයා තවමත් දේශපාලනික කතිකාවක් සමාජගතකිරීමට උත්සාහ දරණවාය.

සිර‍සේ ගොන් අතල් වැඩද හොදට තිබුනේය.රනිල් එක්ක ඇරගන්න ගොස් දිනුම පැරදුව කෙසේ වෙතත් ගල පෙන්නා චා ‍උන අවස්ථාද තිබුනේය.දෙරණටද චෝදනාවලින් අඩුවක් නැත්තේය.දෙරණේ සමබරතාවය ගැන ගැටලුවක්ද ඇත්තේය.එමෙන්ම එහි හිමිකරුගේ වත්කම් ඉපයීම ගැනද හොදහොද තොරතුරු ඇත්තේය.කොහොම උනත් අපිට නම් පේන්නේ දෙපැත්තේම කිල්ලෝටවල හුණද ඇත්තේය කියාය.

ලගදී මහරාජාගේ ඉඩම් පලහිලව්වක්ද එලියට ආවේය.ඒ ගැන එකඑක මාධ්‍යවලින් කියන්නේද එකඑක කතාය.කවුද ඇත්ත කියන්නේ කියලා හොයන්න දැන්ම කල් වැඩිය.මෙරට හැම චැනොලයකටම පාහේ ගොම බින්දු බින්දු වැටී ඇත්තේය‍.අපි ගොම නොගාගෙන නිව්ස් බැලිය යුත්තේය‍...

4 comments:

  1. රිමොට් කොන්ට්‍රෝල් එක හොයාගත්ත එකාට නොබෙල් සම්මානයක් හම්බ උනාද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. හිකිස්..ඌට නම් සම්මානයක් දෙන්න වටිනවා..

      Delete
  2. හොද හොද කියලා ලියන්නේ මොකද හොදි හොදි කියලා නේද ලියන්න ඕනේ මචෝ

    ReplyDelete
    Replies
    1. උඹ කවුරු උනත් කමක් නෑ පෝස්ටුවට අදාලව විවේචන ඉදිරිපත් කරනවානම් සතුටුයි,ගොන් ජෝක්ස් දානවට වඩා..

      Delete