Tuesday, March 31, 2015

ඔබේ අත‍ ගෙන පෙර සැඳෑවක...




අපි පුංචියි එතකොට.මං 10වසරෙ විතර ඇති.එදා ඉස්කෝලේ සිසු පොල.කොහද ඉතින්,අපි හිටියේ වෙළදාම් කරන මානසිකත්වයෙන් නෙමෙයි.ටික ටික වෙලාව ගතවෙලා ගියා.දැන් පොල ඉවරවෙන්නත් ලඟයි.මට ඔයත් එක්ක කතාකරන්න ඕනඋනා.විශේෂ හේතුවක් නිසාම නෙමෙයි.ඉතින් අපි දෙන්නා කතාකරකර ඉස්කෝලෙ 6වසර පැත්තට ගියා පාර දිගේ,හැප්පි හැප්පි..මතකද ඔයාට.එකපාරටම ඔයා මගේ අත බදාගත්තා..මාත් නොදැනුවත්වම වගේ ඔයාගේ අත තදකරා..ජීවිතයේ පලවෙනි වතාවට ගෑනු ළමයෙක්ගේ අතක් මාව අල්ලගෙන..මාව හිරිවැටුනා..ඇඟ දිගේ කරන්ට එක යනවා වගේ..ඒක සතුටද,නැත්නම් ආදරයද? මගෙ හිත පිරීලා....

ආයෙත් අපි ඒ පාර දිගේම එන්න හැරුනා..අයියෝ..එතකොටම ලොකූ..වැස්සක්...කොහෙන් ආවද මන්ද?අපි අත් අල්ලගෙන දූවලා ගියා..සියඹලා ගහ යටට..මහ වැස්සේ අපිට නොතෙමී ඉන්න හෙවන දුන්නා එයා..ලගපාත කවුරුවත්ම නෑ..මං ඔයාගේ චූටි,ලස්සන මූණ දිහා ආදරෙන් බලන් හිටියා..ඔයාගේ ලස්සන ඇස්..මට කතාකරා...එයා මට කිව්වා..මේ ලෝකේ මං තනිවෙලා නෑ කියලා‍..

වැස්ස නවතින පාටක්නම් නෑ..වෙලාවට එතනින් පොඩි මල්ලිලා දෙන්නෙක් යන්න ආවා.මං කතාකලා එකෙකුට..ටෝක් කරල උගෙන් කුඩයක් ඉල්ලගත්තා.දැන් අපි දෙන්නා චූටි කුඩේයට..මගේ අහිංසකීව තෙමන්නේ කොහොමද මම..පරිස්සමට ඔයාව මම ඔයාලගේ පන්තිය ලගට එක්කගෙන ආවා..ඉදලා හමාරයි..ඔයාගේ අර පිස්සු යාලුවා..කෑ ගහන්න පටන්ගත්තේ නැතැයි අපිව දැකලා..එකපාරටම අත්පොඩි හඩක් එක්ක විසිල් පාරක් ආවා..අයියෝ..අපේ ලොකු අයියලා ටිකත් අපි කු‍ඩේ යටින් එන නාටකේ දැකලානේ...විලි ලැජ්ජාවේ බෑ..ඔයාව දාලා මං හිමීට අපේ පන්තියට රිංගුවා...

ඔබේ අත ගෙන පෙර සැදෑවක
උයන්  තෙර හිද ආදරෙන්
ගැයූ කුලුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා...

Sunday, March 29, 2015

මේ සිංහල අපගෙ රටයි?




ලංකාව යනු බහුවාර්ගික සමාජකොට්ඨාශයක් ජීවත්වන රටකි.අපි සිංහල බව ඇත්ත‍.අපිට ජීවත්වීමට වෙනත් රටක් නැතිබවත් ඇත්ත.නමුත් මෙරට ජීවත්වන දෙමල,මුස්ලිම්,මැලේ ජනයාගේද මව්රට ලංකාවයි.ඔවුන්ටද ජීයත්වීමට ඇත්තේ මෙරට පමණයි.මුස්ලිම් ජනයා පකිස්ථානයේ ජීවත්වන බව සැබෑවකි.නමුත් මෙරට ජනයාගේ නෑදෑයන්,දන්නා අදුරන කිසිවෙක් අදවනවිට එම රටවල් වල නැත.මේ ඔවුන් ඉපදුන රටයි,ජීවත්වන රටයි,එමෙන්ම කවදාහරි මියයන රටයි.

ඔබෙන් ඇසීමට තවත් පැනයකු මා සතුව ඇත.ඔබ සිංහල බෞද්ධයෙක්.ඒ බව  ඔබ ඔප්පු කරන්නේ කෙසේද? උප්පැන්නෙන්? අපිට ජාතියක්,ආගමක් ලැබෙන්නේ පරම්පරාවෙනි.පෞද්ගලිකව මා නම් ඉපදෙනවිට පස්මහ බැලුම් බැලූ බවක් මතකයේ නැත‍.ඉදින්,ඔබ ඉප‍දෙන්නේ මෙරට වතුකරයේ දෙමල මවකගේ කුසෙන්නම්,මුස්ලිම් මවකගේ කුසේනම් මොකද කරන්නේ.අපි හිතලා නොකරපු දෙයක් බදාගෙන මරාගන්න එක හරිද?

තව පොඩි දෙයක් කියන්නම්.මෙරටට දෙමල ජනයා සංක්‍රමණය වෙන්නේ ප්‍රධාන වශයෙන් කාලිංග-මාඝ ආක්‍රමණ සමයේ හා පසුකාලීනව බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේයි.අපි හිතමු වැරැද්ද එතන කියලා.මට මෙතනදි තව ප්‍රශ්නයක් මතුවෙනවා,සිංහලයා ආවේ කොහෙන්ද කියලා..ඉතිහාසකතාවලට අනුව මෙරට මුල්කාලයේ වාසය කලේ ගෝත්‍රිකයන්.අපේ ශිෂ්ඨාචාර ආරම්භය සිදුවන්නේ ඉන්දියාවෙන් විජය කුමාරයා තම්බපන්නියට සැපත්වීමත් එක්කයි(මිනිහාත් කොටු පැනලා,තියෙන අසමජ්ජාති වැඩ හැම එකක්ම කරල එහෙට එපාවෙලා එලවපු පොරක්නේ.ඒක වෙනම කතාවක්)එහෙම බැලුවම ලංකාව අයිතිවෙන්නෙත් සිංහලයාට නෙමෙයි මෙරට ස්වදේශිකයන්ට...

ලංකාවේ සිටිය යුත්තේ සිංහලයන් පමණක් යැයි සිතනවානම් මම ඔබෙන් ප්‍රශ්නයක් අසමි.ඔබේ තර්කය අනුව දෙමලුන් සිටිය යුත්තේ ඉන්දියාවේය.මුසල්මානුවන් පාකිස්ථානයේය.මේ ආකාරයට මුලු ලොවම අන්තවාදී වුවහොත් මතක තබාගන්න,ලාංකිකයන් වැඩියෙන්ම වාසය කරන්නේ ඕස්ට්‍රෙලියාවේය.ඔවුන්ව එහෙන්ද පන්නනු ඇත.ඇමරිකාවේ,කැනඩාවේ,බ්‍රිතාන්‍යයේ ජීවත්වන මෙරට ජනයාටද උන්හිටි තැන් නැතිවනු ඇත.

මම තවමත් ඔබේ පැත්ත ගනිමි.මෙරට සිටිය යුත්තේ සිංහලයන් පමණි.එසේනම් මෙරට සිටින අන්‍ය ජාතීන්ට කල යුතතේ කුමක්ද?පිලිතුරු කීපයකි‍.
1‍.සියලු අන්‍ය ජාතිකයන් මෙරටින් පිටුවහල් කල යුතුය‍.
ගැටලුව-එම සියලු ජනයා බාරගැනීමට වෙනත් රටවල් කැමති වේද?
2. සියලු අන්‍ය ජාතිකයන් මරා දැමිය යුතුය.
ගැටලුව-එය කෙසේ හෝ සිදුකල හැක.නමුත් ඉන්පසුව ලංකාව ලෝකයෙන් තනිවූ රාජ්‍යයක් වනු ඇත‍.ආර්ථික සම්බාධක හමුවේ මෙරට තවත් ඉතියෝපියාවක් වනු ඇත.

මෙයට තවත් ක්‍රම තිබේනම් දක්වන්න.ඔබෙන් නිවැරදි පිලිතුර බලාපොරොත්තු වෙමි‍.
මිනිස්සු යනු සමාජීය සත්ව කොට්ඨාශයකි.ඔවුන් සමාජගතවීමට,කල්ලිගැසීමට ස්වාභාවයෙන්ම කැමැත්තෝය.එම පුරුද්ද සමාජයේ ප්‍රගමනයට යොදා නොගෙන එකිනෙකා අතර කුලල් කා ගැනීම උදෙසා භාවිතා කරන්නේ නම් මිනිසුන් හා තිරිසනුන් අතර වෙනසක් අපේක්ෂාකල නොහැක්කේය.

(සංවාදයට විවෘතයි)

Saturday, March 28, 2015

කොරියාවට බලුවීම


අවුරුදු කීපයකට කලින් ලංකාවට පට්ට කෑල්ලක් බැස්සාය.ඒකි නමින් චංගුමී විය.අපේ රටේ උන් ඒකිට පැනි හැලුවාය.ගෑනුන්ද කටඇරගෙන ඒ දිහා බලන් හිටයායා.අවාසනාවට සමහර කොල්ලෝද ‍මේකිට වහ වැටුනාය.චංගුමීට වහ වැටුනාට මගේහිතේ කිසිම අමනාපයක් නැත්තේය.මොකද ප්‍රිසන් බේක්හි සාරාද,ඇරෝහි ෆෙලොසිටිද,රොබින් හුඩ්හි මැරියන්ද අපි පැනිහැලූ කෑලිය‍.අක්කලා නොවීනම් මං මෙලහට ඒවායේ අයිතිකාරයන්ය.අවාසනාවට මට මේ එක දියණියක්වත් දිරවූයේ නැත.තාමත් එසේමය.
අපේ සෑර් කෙනෙක් ඔය දියණිවරුන්ට මරු කතාවක් කීවාය.‍ඔවා බලබලා හිටපල්ලා තොපිලත් සුජාත වෙයි කියාය.මා දන්නා තරමින්(මගේ පෞස්ගලිත අත්දැකීම අනුව) මේ විකාර බැලූ මා දන්නා එක කෙල්ලෙක්වත් සුජාත උන් නොවීය.පත්තිනි අම්මලා වගේ හිටියාට හෙනහෙන ගේම් දීපු උන්ය.ඒවා දන්නේ  අපිය.
එක එක ජාතියේ දියණියන්ගෙන් පටන්ගත් මේ කොරියානු විප්ලවය අපිට නම් මාර ඇණයක් විය,ජාතියට වසංගතයක් විය.දැන් බැලූබැලූ අත කොරියන්ය‍.අපි ජීවත්වන්නේ කොරියාවේදැයි සිතෙන අවස්ථාද ඇත,නැතිනම් අපේ ටීවී වලද දැන්දැන් කොරියන් චැනලස්ද පේන්නට පටන්ගෙන ඇත.මරාගේ සමයේ ලංකාව චයනීස් විය,රූපවාහිනිය කොරියන් විය.අපේ නාට්‍ය බලුවිය.අපි වගේ කොල්ලන්ට කෙලවිය.
අපිට නිදහසේ නිව්ස් එකක් බැලීමට ඇති මානව හිමිකමද උල්ලන්ඝනය වී ඇත.අඩුගානේ ඉස්සර ‍වගේ ඉංගිරීසි ටීවී සීරීස් එකක්වත් යනවානම් හිත හදාගෙන බැලිය හැක.මේවානම් දෙයියන්ටම පෙනිය යුතු දේවල්ය.ලබන ආත්මේවත් කොරියාවේ සිග්නල් නැති රටක ඉපදේවා කියා සිතෙන්නේ මේ වෙලාවටය....

පාපෝච්චාරණය




අසරණයි මම..කැමතියි සමාජගතවීමට,හැබැයි ඊට සමජයම ඉඩ දෙන්නෙ නැත්නම්?මම දන්නව ‍මගේ තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි නිවැරදිව සමාජානුයෝජනය නොවීම.එත් ඇයි මට ඒක හදාගන්න දෙන්නෙ නැත්තේ.මං කලින් හිතුවේ කලින් යාලුවොත් එක්ක හිටියේ මගේ ඇත්ත චරිතය නෙමෙයි කියලා.කෑ ගහගෙන,හූ කියාගෙන,වාචාලයා වගේ කියව කියව,රණ්ඩු වෙවී හිටිය කාලේ මං හැමදාම හිතුවේ ඇයි අදවත් මං සද්ද නොකර හිටියේ නැත්තේ කියලා.එහෙම හිටියනම් මට ගොඩාක් අය ගරු කරයි කියලා හිතුවා.ඒත් මොකක්දෝ කරුමෙකට වගේ හැමදාමත් මට මං හිතපු විදියට ඉන්න බැරිඋනා.ඒත් දැන් මට හිතෙනවා ඒ තමයි ඇත්ත මම කියලා.

මේ විදියට තනියම ඉන්නේ කොහොමද මං.ඇයි එයාල මාව තේරුම් ගන්නේ නැත්තේ.මං දන්නවා කාටවත්ම මාව තේරුම්ගන්න බෑ කියලා.ඉතිං මං තීරණය කරනවා එයාලව මඟඅරින්න‍.මං වැරදිද? මට අවශ්‍යයි පිලිගැනීමක්,ගෞරවයක් අඩුමතරමේ කොහොමද කියලවත් අහනවනම් මට කොච්චර සතුටුද?

අපේ සෙට්එක මගේ ජීවිතේට කොච්චර ලංවෙලා හිටියද? බැනගෙන,ගහගෙන තිබුනත් කොච්චරවත් කරදරයකදි,තක්කඩි වැඩකදි උදව් කරන්න ලග හිටියා.බයක් දැනුනෙ නෑ පොඩ්ඩක්වත්.ගොඩාක්අය හිතාගෙන හිටියේ අහිංසකයි කියලා මං.ඒත් අපේ උන්තමයි ඇත්තටම දන්නේ මගේ හැටි.

ඉතින්,මගේ ප්‍රශ්නවලට කල්පනාකරලා කරලා...මමම උත්තරයක් හොයාගත්තා.ඒක සාමාන්‍යය ක්‍රමයට වඩා වෙනස් උත්තරයක්.ප්‍රායෝගික දේවල්වලට මුල්තැන දෙන ට්‍රේනින් එකක්.යන්තරසූත්තර එක්ක ඔට්ටුවෙන රැකියාවක්.අලුත්ම මිතුරන් පිරිසක්.අලුත් ජීවිතයක්..නැවතත් සතුට මගේ ලගට ගන්න විදියක්.

සාමාන්‍ය ක්‍රමයට හිතන අය ඒකට විවිධ කතා කියයි.උඹට පිස්සුද? අහයි.ජීවිතය එක්ස්පෙරිමන්ට එකක්..මං උත්තර දෙයි.අපි හැමොගෙම අඩුපාඩු තියෙනවා.ඒවා හදාගත්තම අපිට ගොඩාක් සතුටු හිතෙයි...යාන්ත්‍රික මිනිස්සු අහයි මේ මොකක්ද මේ කියලා..හදවත් ඇති මිනිස්සු උත්තරයක් දෙයි,තමතමන්ට හිතෙන,දැනෙන විදියට..කොල්ලෝ..නවතින්න එපා..දිගටම දුවපන් කියලා...

Friday, March 27, 2015

රෙද්ද ගැලවීම හෙවත් සත්‍යාගාරය




මේ දිනවල ඉතාමත් මරු වැඩසටහනක් ස්වාධීන රූපවාහිනියේ විකාශය වේ.එහි නම සත්‍යාගාරය වේ.සන්නස්ගල මහතා විසින් මොහයවනු ලබන මෙම වැඩසටහන අයිටීඇන් එකේ විකාශය වූ(හා වන) පට්ටම ආකාරයේ දේශපාලනික වැඩසටහනකි.මෙපමණ කාලයක් කඩේ යාම තම ඩියුටිය කරගෙන සිටි ස්වාධීන(යැයි පැවසූ) රූපවාහිනිය මෙවැනි කර්තව්‍යකට අතගැසීම පිලිබදව අපේ ගෞරවය මුලින්ම එහි පාලනාධිකාරියට තුති පුදකල යුතුය.

පසුගිය සතියේ මෙම වැඩසටහනට සහභාගි වූ ජනාධිපති ජෝතීෂ්‍යය උපදේශක(එවකට) සුමනදාස අබේගුණවර්ධනයන්ගේ රෙදි ගැලවීමට පවා මෙම වැඩසටහන සමත්විය.ඒ පිලිබදව බුකියේ පවා විවිධාකාරයේ ප්‍රචාර දියත්විය.ඒ ආකාරයෙන් විකාශය වූ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් ඊයේ දිනයේදී විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සමග පැවැත්විනි.මේ එහිදී සිරිපාල රෙදි ගලවාගත් හැටි ගැන කියවෙන කෙටි සටහනකි.

මෙහිදි හොදම විහිලුවට කාරණය වූයේ පසුගිය මැතිවරණ සමයේදි එවකට ජනපති මහින්ද රාජපක්ෂ විසින් තම ප්‍රතිවාදියා වූ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට එරෙහිව මඩ ගැසීමක් සේ දියත්කල පහත්පෙලේ ඩමි ප්‍රචාරණ උප්‍රක්‍රමය  පිලිබදව සන්නස්ගල මැතිතුමා එල්ලකල චෝදනාව පිලිබදව කිසිවක් තමා නොදන්නා බව සිරිපාල මැතිතුමා පැවසීමයි.එහි උච්චතම අවස්ථාව වූ මහින්ද රාජපක්ෂ තම ජන්දය ප්‍රකාශ කිරීමට  යන අවස්ථාවේදී පවා එම ඩමියද රැගෙනයාම සජීවීව රූපවාහිනී නාලිකාවලින් දැකගත හැකිවූ අතර එය මෙරට ජනයාගේ දැඩි අප්‍රසාදයට ලක්විය.

එමෙන්ම තමා වාරිමාර්ග අමාත්‍යධූරය දරණ කාලයේ ජනපතිවරණයේදී යූඇන්පියට සහය දෙන කාර්යමණ්ඩල නිලධාරීන්ගේ නම් ලැයිස්තු ඉල්ලා තම සම්බන්ධිකරණ ලේකම්වරයෙකු යැවූ ලිපියක්ද සාක්ෂි සහිතව ඉදිරිපත්කල අවස්ථාවේදී තමා ඒ පිලිබදව කිසිත් නොදන්නා බව පැවසීමද එතුමාගේ නිරුවත එලිවු අවස්ථාවකි.එය එසේනම් තම දෙපාර්තුමේන්තුවේ ලෙටර්හෙඩ් දමා සකස්කල ව්‍යාජයැයි සිරිපාල මහතා පවසන කූඨ ලේඛණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ නොවීම තුල එම කරුණ සත්‍ය බවට ජනතාවට සාධාරණ සැකයක් ඇතිවේ.

එමෙන්ම බදුල්ලේ ක්‍රියාත්මක වූ සාර්ථක වාරිමාර්ග ව්‍යාපෘතියකට හිමි සාර්ථකත්වයේ ගෞරවය තමාට හිමිවිය යුතුයැයි පවසන එතුමා දැනට වැලිමඩ ප්‍රදේශයේ ඉමහත් ගැටලුවකට මුහුණදී ඇති ව්‍යාපෘතියේ අසාර්ථකත්වය භාරගැනිම මගහැරීම තම දෙබිඩි පිලිවෙත මනාව ජනතාව  වෙත හෙලිකර සිටීමකි...

මූණට කෙලවීම (තෙවන අදියර)




ෆුල්ෆේස් තහනම යලිත් කරලියට පැමිණ තිබෙනවාය.මේ පිලිබද කතිකාවත මුලින්ම ඇහෙන්නේ පසුගිය වසරේ පෝලිමට සිදුවූ බැංකු හා ස්වර්ණාභරණහල් මංකොල්ලය නිසාය.එහිදී එල්ලවු මහජන විරෝධය නිසා එය හිමීට පසුබැස්සේය.නැවතත් එය මතුවන්නට පටන්ගත්තේ මෑතකදීය.එයටද එරෙහිව විශාල වශයෙන් ජනතාව පෙලගැසෙන්නට විය.බුකියේ උද්ඝෝෂණ ව්‍යාපාර පවා සූදානම්විය.අපිනම් හිතුවේ මේ සැරේ සොරි ඩොට් කොම් කියාය.නමුත් හදිසියේ නැවතත් එය අකුලාගත්තේය.ඊයේ පෙරේදා වනවිට නැවතත් ෆුල්පේසට එරෙහිව වැට බදින්නට සිරි ලංකා පොලෝසිය සූදානම් වෙලාය.

මේ තීන්දුවට එරෙහිව ජනතාව විරෝධය පෑම එක අතකට එය හරිය.තමාගේ ආරක්ෂාව තමන්ම සලසාගතයුතුය.අපේ කොල්ලෝ දඩුමොනරු පිටේ නැග්ගවිට උන්හිටිතැන මතක නැතිවාය.(මටද එහෙම වෙනවාය) ඉතින් කාපට්කල පාරවල් දිගේ මරාට පිංදෙමින් හැටට හැටේ යනවාය.ඒක ඉතිං කොල්ලන්ගේ ජානවල හැටිය.පොලෝසිය හැංගිමුත්තං කලාට මේ විසේ අඩුවෙන්නේ නැතිය.ඉතින් ඔහොම යන ගමන කෙලවර වෙන්නේ මොකක්හරි එකකට අඩයක් තබලාය.එවිට අපේ උන්ට පිහිටට එන්නේ ෆුල්පේස්ය.ඒවා නැතිනම් මෙරට තරුණ පරපුර මෝචරියේය‍.

අනික් අතට අනතුරු නොවීමට අපේ සැලකිල්ල විතරක් තිබුනාට මදිය.අපි කොච්චර හොදට පාරේ ගියත් කො‍හේවත් යන හාල්පාරුවන් අපිට අඩ තබන්නට එනවාය.එවැනි මොහොතක අපිට අබ සරණය.අනික, අපේ රටේ සමහර උන්ට ස්ටන්ට් කිරීමේ මාර උනක් ඇත.එමෙන්ද දක්ෂ ක්‍රීඩකයන් මෙන්ම වෘත්තිය මට්ටමේ කස්ටියද ඇත.ෆුල්පේස් නැත්නම් උන්ගේ ජීවිත හමාරය.හොම්බකට සමතලා කරගන්නට අපි කවුරුත් කැමති නැත.එබැවින් අපේ ආරක්ෂාව ආණ්ඩුවට භාරදීමට හැකියාවක් නැතිවාය.

අනිත් අතට පොලෝසියට හොරු අල්ලන්නට බැරිවාට යතුරුපැදිකරුවන් පලි නැත.හොරු ගන්නේ දේපලය,දැන් පොලෝසිය ගන්නට හදන්නේ අපේ තරුණ ජීවිතය.තත්වය මෙසේනම් තහනම් කරන්නට දේවල් තව ඇත.පිහියෙන් මරන්නට පුලුවන් නිසා වහාම පිහි භාවිතය තහනට් කල යුතුය.කෝච්චියට බෙල්ල තියන නිසා කෝච්චි තහනම්කල යුතුය.ස්ත්‍රී දූෂණය කෙරෙන නිසා සියලු පිරිමින්ගේ *%^&* කැපිය යුතුය.
මේවානම් සිඟිති ආතල් වැඩය.අනිත් අතට අපි මේවාට විරුද්ධ වී ලොකුවට සද්දේ දැම්මාට මට නම් ෆුල්පේස් දමා පැදයන්නට යන්නට සුපිරි බයිකක් තියා පුටාර් එකක්වත් නැතිය..