Tuesday, December 15, 2015

දෛවයේ සරදම!





මීට දින 601කට පෙර .....
අදුරු මතකය පිරි රැයක
වියෝ ගින්නෙන් මා දැවූ තැන
ඔව්..එතැනම...ඒ වාට්ටුවෙම,
එකම වෙනස,
එදා මං පුටුවක...
අද ඇදක...
එදා මා සොයාගිය මරු...
අද මා සොයා පැමිණි අපූරුව!
නැත දුකක්,
නැත කදුලක්,
ඇත්තේ හිස් හැගුමක්...
සමග මද සිනහවක්
හේතුවක් නොහදුනන...

සබැදිය-
(#Black_April)- http://maliyagesatahana.blogspot.com/2015/04/18-blackapril.html?

Saturday, December 5, 2015

පෝස්ට් මෝටම්


ආහ්හ්...අයියෝ... මං දත්මිටි කාගෙන කෙදිගාන්නට ගත්තේ දැනුනු දැඩි වේදනාව හඩා පිටකරන්නට විදියක් නැති හින්දා..

කඩියෙක් කනවා වගේ දැනෙයි,..මිසී කිව්වේ නම් එහෙම.යකෝ කඩි කනකොට දැනෙන වේදනාව මුන් විදලා නැද්ද? ඒක සැපයි දෙයියනේ.

වයස කීයද දැන්,ඒක ඇහුවේ ලේඩි ඩොක්ටර්.
20යි, මං හිමීට මිම්ණුවා.ආහ් එහෙනම් ඕක මොකක්ද? ලොකු ලමයෙක්නේ!
 ආච්චිගේ රෙද්ද,ඇයි වයස වැඩිවෙන්න වැඩිවෙන්න "සෙන්සිටිව්" එක නැතිවෙනවද...මං තරහෙන් උනත් කට වහගෙන හිටියා.

ආහ්! දැන් හරි...දොස්තර නෝනා කිව්වෙ එහෙම.දැන් ටිකෙන් ටික එක පැත්තක ඉදන් හිරිවැටීගෙන යයි.ඔක්කොම හිරි වැටුනම කියන්නකො...එහෙම කියලා එයා පොඩ්ඩක් එහාට උනා.
***********************************************

එක පාරටම ආපු දඩ ලයිට් එලියෙන් මගෙ ඇස් දෙක නිලංකාර උනා.සෑහෙන පිරිසක් මගේ ඇද වටේ හිටගෙන ඉන්නවා.මගෙ මූන ඉස්සරහින් රෙද්දක් දාලා නිසා මට මොකුත් පෙන්නේ නෑ..දැනෙන්නෙත් නෑ.කස්ටිය අවි ආයුධ එහෙම අතට අරගෙන ලෑස්ති උනා..අට දැනුනේ මගෙ පෝස්ට් මෝටම් එක කරන්න යනවා වගේ.

"යකෝ මං මැරිලා නෑ!" මට හිතුනා එහෙම කෑ ගහන්න.එත් ඒක මගෙ කටින්  හඩක් විදියට පිට උනේ නෑ.

ඩොක්ටර්...
ම්ම්..එයා හරිම ලස්සනට මිමිණුවා.කොහොමද ඔයාලා මෙච්චර හිත හයිය කරගත්තේ?මං ඇහුවා...එයා මං දිහා බැලුවා..අහිංසක හිනාවකුත් එක්ක.ඒත් මොකූත්ම කිව්වෙ නෑ.

මට මතක තිබ්බෙ මෙච්චරයි..මාව උස්සලා වගේ අරන් ට්‍රොලියකට දා ගත්තා.ඒක තල්ලු කරගෙන හැරි හැරී ගොඩක් දුරක් යනවා දැනුනා..හරියට චිත්‍රපටයක් කැඩි කැඩී දුවනවා වගේ මතකයි.පස්සේ මාව ආයෙත් අරන් ඇදට දැම්මා.මට හිතුනේ මං කොච්චර අවාසනාවන්තයෙක්ද කියලා.නෑ බං..උබ පට්ට වාසනාවන්තයෙක්! හැම දෙයක්ම වෙන්නෙ උබේ හොදට..හා නැද්ද? හිත මගෙන් ඇහුවා.ඔව්මනේ..මටත් හිතුනා විතරයි..ආයෙමත් ඇස් පියවුනා.....

Wednesday, November 4, 2015

දුර්වලයෙකුගේ ආත්මකථනය



ටිකි ටිකිහ්...ටිකි ටිකිහ්...ටිකි ටිකිහ්...ටිකි ටිකිහ්...
සුපුරුදු එලාම් හඩින් අවදි වූ මා නින්දෙන්ම එය ක්‍රියාවිරහිත කොට දෑස් විවර කරන්නට විය.
වෙනදා තරම් ප්‍රබෝධමත් ගතියක් නොතිබුනද,කාලයට ඉඩදී ලකලෑස්ති වී දුම් රිය නැවතුම්පලට පැමිනියේ හිස් හැගීමකිනි.ඕනෑවට එපාවට මෙන් සෙනග මැදින් කෝච්චියේ එල්ලුන මා දුවන ගස් පහුකරන් යන දිහා ඔහේ බලා සිටියෙමි...
මොහොතකින් පියවි ලෝකයෙන් නික්මුන මගේ සිත ස්වයං සංවාදයක යෙදෙන්නට විය.
********************************************
මං සිදාදියට ආවේ කාසි විතරක් හොයාගෙන නෙමෙයි.ජීවිතෙත් හොයාගෙන,ඒ වගේම සතුට හොයාගෙන.මට තාම කාසි හම්බුනෙත් නෑ,ජීවිතේ හම්බුනෙත් නෑ.ඒත් සතුට හම්බුනා...ටිකක් විතර.මට තිබුනා ඕනෙනම් බොරු කියන්න ඔයාට..මං කරන්නේ "සුදු කරපටි" රස්සාවක් කියලා,මොකද ඔයා චෙක් කරලා බලනවා කියලද?ඒත් මං එහෙම කලේ නෑ,මොකද මට ඕනේ උනේ නෑ බොරු කරන්න ඔයාට.

දන්නවද...මං ඉස්සර හිතං හිටියේ "සතුට" තියෙන්නේ ආදරේ කියලා...පස්සෙ හිතුවා සල්ලිවල කියලා..ඊටත් පස්සෙ හිතුනා වැඩකරන එකේ කියලා..ඒත් මට දැන් දෙයක් තේරෙනවා,සතුට කියන්නේ ඒ හැම දේකම එකතුවක් කියලා..
මං උදේ ඉදන් වැඩකරලා මහන්සි වෙලා,පැය ගානක් පාරට රස්තියාදුවෙලා ගෙදර එන්නේ ඔයත් එක්ක ටිකක් කතාකරන්න.ඔයාත් එක්ක ගිරව් වගේ කියවනකොට..හිතේ අමාරුවයි,ගතේ අමාරුවයි ඔක්කොම අතුරුදහන්වෙලා යන්නේ මටත් නොදැනිම.ඉතිං අන්තිමට දැනෙනවා අද නම් හරිම ලස්සන දවසක් ගතකලේ කියලා.වැඩ කරද්දි උනත්,ලැබෙන පොඩි ඉඩකදි ඔයාට කතා කරන්න ට්‍රයි කරන්නේ...ඒකෙන් ආයෙත් වැඩකරන්න තරම් "ශක්තියක්" ආපහු ලැබෙන නිසා...


අම්මොහ්! මං හිතලා තියෙන දුර..කොටුවෙන් බැස්ස මං පයින්ම ගාලු මුවදොර පැත්තට ඇවිදගෙන ගියා.හිත අවුල් උන ගොඩක් වෙලාවට තනියම මේ පැත්තට ඇවිත් අරමුණක් නැතිව මූද දිහා බලන් හිටපු හැටි මතක් වෙන්න ගත්තා.

 මම බලාගෙන හිටියා මූද දිහා...ගොඩක් වෙලා..මං දැක්කා දෙයක්..ඈත මූදෙ ඉදං රළ පේලි පේලි වේගෙන් ඇවිත් පරවල වැදිලා කුඩු වෙන හැටි..නැත්නම් ඒවා වැල්ලේ වැදිලා බොදවෙන හැටි...ඔව්..ඒවා කොහොමත් විනාශ වෙනවා..හරියට අපේ බලාපොරොත්තු වගේ..ඒත් පුදුමෙ කියන්නේ එහෙම උනා කියලා රළ එන එක නවතින්නෙත් නෑ..හරියට අපි කොච්චර බිදෙන බව දැන දැනත් බලාපොරොත්තු ඇතිකරගන්නවා වගේ!
මට මුලින් හිතුනේ මුහුදෙ පාවෙලා යන්න..ගිහින් මූදු පතුලෙ හැංගෙන්න.ඒත් මට මතක් උනා බස්සි අක්කා කියපු කතාවක්.

"මූදූ වතුර නහයට උඩින් අඩියක් ගියත් එකයි,අගලක් ගියත් එකයි"

ඉතිං මං ආපහු හැරුනා.ඔව්..ඔයා කියනවා වගේ අපි "කාලයට ඉඩ දෙමු".මං යන්නම් ඈතට..ගොඩාක් දුරට,හැබැයි නවතින්න නෙමෙයි..මං ආයෙත් එනවා දවසක.හැමදාම ලගින් ඉන්න.එතකං,පරිස්සමින් ඉන්න...

Friday, October 9, 2015

රේඩියෝවයි මමයි!



ටීවී එකේ දෙමල ෆිලුමක් බල බල ඉන්නකොට ම දැක්කා රේඩියෝ චැනල් එකක ඇඩ් එකක් යනවා.ඒකේ ෆ්‍රීක්වන්සි දෙකක් තිබුනා.ඒක දැක්කම මට ලස්සන කතා වගයක් මතක් උනා.ඉතිං ෆිලුම බලන එක පැත්තකට දාලා ලියන්න හිතුවා ඒ ගැන.
මගේ ජීවිතේ ඉස්සෙල්ලම වගේ රේඩියෝ සම්බන්ධ අත්දැකීමක් තියෙන්නෙ පොඩිකාලෙ..ම්ම්..මං එතකොට 4වසරෙ විතර ඇති.ඒ දවස්වල අපේ නැන්දා(කෙනෙක්) හිටියෙ එහා ගෙදර.ඉතිං හැම ඉරිදම එහෙට සිංහල පත්තරෙයි,ඉංග්‍රීසි පත්තරෙයි ගන්නවා.සිංහල එක දිවයින.මං ඒකෙ කියවන්නෙ "උදාරගෙ පිටුව" කියලා තියෙන පොඩිත්තන්ට වෙන්වුන මෙව්වා එක විතරයි.ඉංග්‍රීසි පත්තරේ නං නම මතක නෑ,ඒත් ඒකේ අනිවාර්යයෙන් බලන කෑලි 2ක් තිබ්බා.එකක් තමයි "මැගසීන්" අතිරේකය.(පත්තරේ මොකක්ද කියලා මතක අය කියන්නකො) අනිත් එක තමයි "ටීවී" අතිරේකය.මං එහෙම කිව්වට ඒකේ නමනං ඒක නෙමෙයි මයෙ හිතේ.ඒකෙ තියෙන්නෙ සතියේ රූපවාහිනි වැඩසටහන් පෙලගැස්ම.ඒක සෑහෙන්න වටින මෙව්වා එකක්.මං ඉතින් ලස්සන ප්‍රොග්‍රෑම්,ෆිලුම් එහෙම තියෙන දවස් පීර පීර බලන එකයි කරන්නෙ.ඒ වගේම ඒකේ සතියේ රේඩියෝ වැඩසටහන් පෙලගැස්මත් ගින්දර වගේ තියෙනවා.මං ඒ කාලෙ ලොවෙත් රේඩියෝ ඇහුවෙ නැති උනාට ඒකත් බලන්න අමතක කරන්නෙ නෑ.

ඊට පස්සෙ රේඩියෝ එකක් අතපත ගාන්නෙ මං 5 වසරෙදි.මොකද දවසක් අපිට තිබුන පාඩමකටද කොහෙද අපේ පන්තිබාර "දයාරත්න" සර් අපිව ඉස්කෝලෙ හෝල් එකට එක්කගෙන ඇවිත් රේඩියෝ එක ගැන ටිකක් කියල දුන්නා.එතනදි තමයි මං දැනගන්නේ ඔය ඇෆ්.ඇම්. වලට අමතරව AW1/AW2 හා SW කියලා ඒවත් තියෙනවා කියලා.මං ඉතින් එදා ගෙදර ගිහින් ඕවා ගැන පරීස්සන කොරන්ට කියලා හිතාලා ගෙදර මකුලුදැල් ගොඩේ තිබුන "නැෂනල්" වෑර්ලස් එක එලියට ගත්තා.ඕං ඉතින් ඒක ගත්තා විතරයි මට තව කතාවක් මතක්වෙනවා කියහංකෝ.ඒක තව ටිකකින් කියන්නම්..ම්ම්..ඉතිං මං වෑර්ලස් එක අරන් කරකව කරකව හිටියා.ඒකෙත් පුලුවන් අර ඇෆ්.එම්./ඇස්.ඩබලිව් මාරු කරන්න.ඒ දවස්වලත් ඒ.ඇම්. ශබ්ද තරංගවලින් විකාශය වෙන නාලිකා තිබුනා.නමුත් පැහැදිලි බව නම් ගොඩක් අඩුයි.ඉතින් ඒ විදියට තමයි මං ඉස්සෙල්ලම රේඩියෝ අහන්න පටන් ගත්තෙ.ඉතිං ඊට පස්සේ,කාලයක් යනකම්ම රේඩියෝ එක ඇද යට තියලා අහ අහ හිටියා.

ආහ් තව දෙයක් මිස් උනානෙ කියන්න.පොඩි කාලෙ අපි කැමති දේවල් තියෙනවනේ.ඒ කියන්නෙ කැමතිම ක්‍රීඩාව,චැනල් එක වගේ ඒවා.ඉතින් මං ඒ කාලෙ කැමතිම රේඩියෝ චැනල් එක උනේ "හිරු".අඩුගානෙ ම\ම් ඒක අහලවත් තිබුනෙ නෑ.ඒකට කැමතිවෙන්න හේතුව ර්හමයි,ඒකෙ ලෝගෝ එක ලස්සන වීම.එච්චරයි...

ඔන්න ඔය සීන් එකෙන් පස්සෙ මට ආයෙත් රේඩ්යෝ කතාවක් මතකෙට එන්නෙ 7,8 වසර වලදි අපේ "ගෝරිල්ලා" සර් රැස්වීමකදි කියපු කතාවක්.මහලොකු දෙයක් නෙමෙයි..සුපුරුදු බැනීමක් ගුවන්විදුලියට.දැන් කාලේ නිවේදිකාවෝ ....බ්ලා බ්ලා බ්ලා..හැබැයි ෆ්හැන් හොද චැනල් එකකට තියෙන්නෙ "සිටි ඇෆ්.ඇම්." එක විතරයි කියලා.

දැන් අර කතාවට එමු.ඔය රේඩියෝ රාජයා ටිකක් සයිස් එකක්.ඉතින් ඇදයට තමයි දාලා තියෙන්නෙ හොඩාක් වෙලාවට.ඒක ගොඩක් පරන නිසා වයරුත් මීයෝ කාලා,සෙලෝටේප් ගහල එහෙම තමයි තිබ්බෙ.ඉතින් දවසක් අපේ පැත්තෙ කැරකෙන "හොර පූසා" ගේ ඇතුලට ආවම පුරුදු විදියට මං එලෙව්වා.ඒත් කරුමෙට මූ කාමරේට ඇවිත් ඇද යටට රිංගුවා.ඒ කාමරේ(බෙඩ් රූම් එක) බිමට කොන්ක්‍රීට් විතරයි දාල තිබ්බේ.(තාමත් එහෙමයි) ඉතින් ඇද යටට රින්ගනවා කියන්නෙ දනිස් හූරගන්න වැඩක්.ඉතිං මං කලේ කොස්ස අරං ඇවිත් මිටෙන් අල්ලගෙන ඇද යටට එබුවා පූසව පන්නගන්න කියල හිතාගෙන.එක පාරටම මාව "වෙව්ලන්න" පටන් ගත්තා..කොස්ස අත ඇරල මං ටික වෙලාවක් කල්පනා කලා.මං හිතුවෙ පූසා කෝස්සෙ යටින් කටින් අල්ලගෙන හොලවන්න ඇති කියලා.ඕවා කොහෙද මාත් එක්ක කියලා ආයෙත් වැඩේට බැස්සා..අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු.මෙන්න ආයෙත් කලින්ට වැඩි වෙව්ලීමක් එක්ක ඇග හිරිවැටිලා ගිහින් මාව විසිවුනා.බලං යද්දි වෙලා තියෙන්නෙ කොස්ස දාද්දි අත වැදිලා අර වෑර්ලස් එකෙ මීයෝ කාපු වයර් කෑල්ලක...ප්‍රිය හිතවතුනි.ඔන්න ඔහොමයි මංතුමාට මංගල කරන්ට් එක වැදුනේ!

මදැයි කොලා! ලියන්න ගියෙ වෙන කතාවක්,ලියවුනේ වෙනම කතාවක් නොවැ!
එහෙන්ං අපි දෙවැනි කොටසෙන් හමුවෙමුකො.එතෙක් මතකයේ තබාගන්න "ඊලග කෑල්ල තවත් රසවත්"

ප.ලි.- මේ දවස්වල "කටුස්සා" පෙන්නට නැත.සමහරවිට ගජරාමෙට "ගල් කඩනවා"ද විය හැක.ඕකා මේක දැක්කොත් නැවතත් මට බනින්නේ "නොදකින් තෝ..ලස්සනට කියවගෙන යද්දි බාගෙට නවත්තනවා" කියාය.

Monday, October 5, 2015

කාලගුණයාගේ කැරැට්ටුව


කාලගුණයා හා දේශගුණයා යනුවෙන් පොරවල් දෙකකි.මං සූට්ටං කාලේ නං හිතුවේ උන් දෙන්නා නිවුන්නු කියාලාය.පස්සෙන් පහු එකම පියාට දාව ඉපදුනාට මුන් දෙන්නාගේ කිසිම ඇයි හොදයියක් එතරම් නැතිබැව් වැටහුනාය.දේසගුණයා යනු පලාතෙන් පලාතට වෙනස් ගුණ දරන පොරකි.ඒත් කාලගුණයාට කිසිම ලැජ්ජාවක් බයක් නැතිවාය.ඌ ඌට හිතුන දේ කරන කිසිම "අංගපුලාවකට නැති" එකෙකි.මේ හදිසියේ මට ඕකාව මතක් උනේ මේකය.මේ දවස්වල පාරට බැස්සොත් ජහමනයා කතා කොරන්නේ ඕකා ගැනය.කතාවට කියන්නේ අම්මාට පසු මේ ලෝකේ වැඩියෙන්ම බැනුම් අහන්නේ "අහස" කියාය.ඔය වටෙන් ගොඩෙන් කිව්වාට ඇත්තටම ඔය චෝදනාව එල්ලවන්නේ කාලගුණයාටය.මංතුමා මේ තකහනියක් කියන්ට යන්නේ ඕකා ගැන නොවේය.කාලගුණයාගේ කැරැට්ටුව හෙවත් "කාලගුණ වාර්තාව" ගැනය.

සීනිබෝල වැඩවලට සීනි අමාත්‍යාංශේ තිබුනා වගේ කාලගුණයා ගැන හොයන්න කාලගුණ අමාත්‍යංශේ..නෑ නෑ දෙපාර්තු
මේංතුවා සිටිනවාය.මං දන්නා හැටියට ඕකේ ඔලු ක්වාටස් එක තියෙන්නේ බුඩිස්ට් ලයිට් පාරේය.මංතුමා ඒක දන්නේ අහවල් දෙයක් හින්දා නොව එක එක සංමංත්‍රොන වලට බීඇමයිසීඇච් එකට යද්දී ඕඅක පේන හිංදාය.ඔය දෙපාර්තුමේන්තුවෙන් වෙන්නේ මෙහෙම දෙයක්ය.ඔය කාලගුණයා කාලෙන් කාලෙට කොටු පනින රටාව අදුනාගෙන ඒවා පරීස්සන කොරලා නිරීස්සන කොරලා නිගොමනය කොරලා මද්දිය වලට කියනා එකය.එතකොට රටේ ජහමනයාට තමන්ගේ වැඩ ටික ලස්සනට කොරගත හැක.ඉතිං ඒක රටේ ජහමනයාට පට්ට වැදගත් දෙයක් නිසා රටේ හැම මාද්දියක්ම පාහේ නිව්ස්වල අන්තිම ජුන්ඩට ඕකාගේ කැරැට්ටුව හෙලිකොරනවාය.කාලයක් තිස්සේ ඔය වැඩේ ලස්සනට කෙරීගෙන ගියාය.බට් අන්ෆොර්චුනෙට්ලි...., දෙපාට්ටුමෙට්ටුවට අපල කාලයක් උදාවිය.

එය කෙසේදයත්,කියන කියන මගුල කනපිට ගැසීමය.වහිනවා කිව්වොත් වහින්නේ නැතිවාය.හොදට පායනවා කියන දවසට හෙන ගගහා වහිනවාය.ඒ කියන්නේ අනාවැකි සත්තිය වීමේ ප්‍රතිශතය 100% විය.නමුත් ඒ අනිත් පැත්තටය.ඒ කියන්නේ -100% ය.අන්තිමේ දෙපාර්තුමේන්තුව කුට්ටමේ ජෝකර්ටත් අන්ත පහලට වැටුනාය.වහිනවා යැයි කියන දවසට මිනිස්සු ආතල් එකේ ඇබරැල්ලාවක්වත් නැතිව ගමන් කොරති,ගොයම් කපන්නට යති..මන්ද එදාට ලොවෙත් වහින්නේ නැතිබව දන්නා නිසාය.අන්තිමේදී මේ නවනිග්ගරහයෙන් ගැලවෙන්නට දෙපාර්තුමේංතුවේ උන්ට ගණදෙවි නුවණක් පහල උනාය.එදායින් පසු රිපෝට් එක දුන්නේ මෙසේය.
"හෙට දින දිවයිනේ තැනින් තැනට,උදෑසන හෝ සන්ධ්‍යා කාලයේ,ගිගුරුම් සහිත හෝ රහිත,වැසි ඇදහැලීමට "ඉඩ ඇත"."

මේක දැක්කවිට රටේ ජහමනයාට ඌරු ජුවල් නැග්ගාය.යකෝ මෙහෙම රෙපෝට් දෙන්න නම් දෙපාර්තුමේන්තුවක් අහවල් රෙද්දකටදැයි මගතොට කතාවන්නට විය.ඉස්සර කාලේ වගේ අහසේ වැහිලිහිණියන් දිහා බැලීමට හා කූඹි දිහා බලං හිටින්ට නිලදාරීං දෙන්නෙක් දැම්මනං සෑහෙන්න නිවැරදි අනාවැකියක් කියන්ට හැකියාව තිබ්බාය.අන්තිමේදී වෙදර් රෙපෝට් එක නිව්ස්වලින් ඉවත්වී ගිය අතර ඒ කාලයේ සුජීගේ සීන් එක එලියට ආවානම් ඌත් "ඔය දෙපාර්තුමේංතුව දීපන් ලමේකුට" කියා කියන්නට ඉඩ තිබුනාය.

නමුත් පසුකාලීනව නැවත ඔය කාලගුණයාගේ කැරැට්ටුව නිව්ස්වල ඉදිරිපත් කරනවා මංතුමා දැක්කේ හිරු ටීවී එකේය.ඒත් එහිදී ඒ සදහා යොදාගත් මූලාශ්‍රය උනේ The weather channel නැමැති වෙබ් අඩවියයි.එහිදී ඉතාමත් නිරවද්‍ය වූ අනාවැකි කීමට ඔවුන්ට හැකිවූ අතර එමගින් කාලගුණයාගෙ කැරැට්ටුව කෙරෙහි නැවතත් අවධානය යොමුවිය.එමෙන්ම ගතවූ වසර කීපය තුලදී කාලගුණ දෙපාර්තුමේන්තුවද "අලු ගසා දමා" නැගිටින සෙයියාවක් පෙන්නුම්කරන අතර මේ දිනවල නැවත නිවැරදි වාර්තා ලබාදී ජහමනයා අතර "විශ්වාසය" දිනාගැනීමේ පිලිවෙතකට අවතීර්ණ වී ඇතිවාය.ඉදින්...මේ දවස්වල විශේෂයෙන් බස්නාහිර පලාතට බලපා ඇති කාලගුණ විපර්යාස ගැන සත්‍ය තොරතුරු ලබාදී නැවතත් මිනිසුන් ආදරය කරන් ආයතනයක් බවට පත්වීමට ලැබේවායි, ෆීනික්ස් කුරුල්ලාට සුබ පතන්නෙමු!

**~නිහතමානී සතුටක් සමග 50වැනි පෝස්ටුව මෙසේ පබ්ලිශ් කල වගයි!~**

Wednesday, September 30, 2015

ෆීලිං ඩිසැපොයින්ටඩ්!

 

ඉස්සර ඉස්කෝලේ යන කාලේ...ඉන්ටර්වල් එකට කැන්ටිම ඉස්සරහට වෙලා ඉදගෙන,ඒකට එන අදුරන උන්ගෙන් මුරුක්කු ටිකක් හිගාකෑවේ ආතල් එකට නෙමෙයි.ආසව තිබ්බට ගන්න සල්ලි නැතිනිසා...

පස්සෙ කාලෙක සිස්සත්වෙන් පාස්වෙලා ලොකු ඉස්කෝලෙකට ගිහිං පරණ පුරුද්දම කලාම අහගන්න උනේ "නොදකින් පෙරේතය" කියලා විතරයි..ඒත් සමහරු ජුන්ඩක් දීල ගියා.

ටික ටික ලොකුවෙද්දි..ලමයි බාලදක්ෂ,කැඩේට්,ගායන තරගවට යද්දි මං ඒවාට ගියෙ නැත්තේ ආස නැතිව නෙමෙයි.ඒවාට සල්ලි නැති නිසා...

පන්ති යන කාලේ...කොල්ලො කෙල්ලො ලස්සන ස්ටයිල් කර කර එද්දි..ඉරිසියා නොහිතුනා නෙමෙයි...

වයසේ වැරැද්දට කෙල්ලො එක්ක යාලු උනාට..මට එයාට දෙන්න කියලා ඉතුරුවෙලා තිබ්බේ "මගේ දුප්පත් ආදරේ" විතරයි...

ඒ ලෙවල් ඉවර වෙන්නත් කලින් සමහරුන්ට ගෙවල්වලින් බයික් අරන්දුන්නට,සමහරු බිස්නස් පටන්ගත්තට,සමහරුන්ට ලස්ස ගනන් වටින් බඩු අරන් දුන්නට..මං එවා ඉල්ලුවෙ නැත්තෙ ආසාව නැතිව නෙමෙයි..

පන්ති පීස් දෙන්න සල්ලි නැතිව..සර්ලගෙන් ෆ්‍රී කාඩ් හිගාකෑවේත්...අනිත් උන් වගේ ආතල් ගන්න නෙමෙයි.

සමහරු කේඑෆ්සී,පීසා හට් එකෙන් කෑම කද්දි..60 දශකයේ කඩේට ගිහින් ගල් බනිසක් කාලා බඩ පුරෝගත්තෙ කරන්න දෙයක් නැතිකමට..

කරුමෙට එක්සෑම් කෙල උනාට...ආයෙත් නාස්ති කරන්න තරම් කාලයක් තිබ්බේ එයාලට විතරයි..

පොඩි කාලෙ ඉදන් ජරා අසනීපයක් ඇගේ තියාගෙන,ඒ මදිවට ඔලුවත් අවුල්කරගෙන..මැරෙන්න හිතුනේ වරක් දෙවරක් නෙමෙයි...

හීන හැම එකක්ම ඇස් ඉදිරිපිට බිදවැටෙනකොට...ජීවිතේ එපාඋනේ වෙන කරන්න දෙයක් නැතිහිංදයි...
අතේ සතේ නැතිකොට..ඉල්ලගන්න කවුරුත් නැතිකොට...ඉන්ටර්වීව්වලට යන්න එන්න සල්ලිත් නැතිව,ජොබක් හොයන්නත් සල්ලි ඕනෙකොට..මං මටම වෛරකරන්නේ..මං කාලකන්නිය්‍රක් නිසයි..

හැමෝගෙන්ම බැනුම් අහනකොට..වැරදීමයි,අවාසනාවයි එකතුවෙලා මාව මරන්න පන්නනකොට..
මෙ හැමදේකින්ම මිදිලා යන්නම යන්න හිතෙන්නේ..ආයෙත් නො එන්නමයි!

Thursday, September 24, 2015

මං මොකුත් කියන්නෙම නෑමයි!


මං මොකුත් කියන්නෙම නෑමයි...
අර පොඩි කෙල්ල දූෂණය කරපු එක ගැන,
ඒකිව ආයේ ආයෙත් දූෂණය කරපු වේස මාධ්‍ය ගැන,
අපරාධකාරයෝ "එල්ලා මරන්නැයි" බෙරිහන්දෙන "කුරා කූඹියෙකුට වරදක් නොකල" මිනිසුන් ගැන,
"අසභ්‍ය" දෑ නැරඹූ වල් කොල්ලෙක්ගේ ජීවිතය හපකරන "සභ්‍ය නපුංසකයන්" ගැන,
නෑ...මං මොකුත් කියන්නෙ නෑ...
මොකටද නිකං ලේ පුච්චගන්නේ!

Monday, September 7, 2015

මතක සුවද


බුද්ධි...ගොඩක් අය එයාට කතාකරන්නේ එහෙම.ඒත් මං එයාට කතාකරන්නේ "මේධා" කියලා.ඔව් එයා ලස්සනයි ගොඩක්.ඉගෙනගන්නේ අගනුවර ප්‍රසිද්ධ පාසලක.නෑ..එයා මගේ ගෑල්ලමයා නෙමෙයි.එහෙම වෙනවට අකමැත්තකුත් නෑ හැබයි...ඒත්,එයා තාම චූටි ලමයෙක්.ඉන්නේ 9 වසරේ.හැබැයි පෙනුමින් නම් ඕ ලෙවල් කරලත් ඉවරයි වගේ.මොකද මේ හදිස්සියේ කෙල්ලෙක්ව මතක් උනේ.මට එයාව සෙට් උනේ ලගදි..ම්ම්..සති 3ක් ඇති උපරිම.හරි හොද අහිංසක කෙල්ලෙක්.ඇත්ත කියන්න එපැයි,පොඩ්ඩක් මෝඩයි..හේතුව පොලොවට පය තියන්න අවස්ථාවක් නොලැබීම.අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.ඒක නෙමෙයි කතාව.අපිට වෙන් වෙන්න සිද්ධ උනා.දුකයි තමයි..ගොඩක්!අපි එකට හිටපු සති දෙක තුනේ මාත් එක්ක මාරම විදියට ෆිට් උනා එයා.අපි යාලු උනා,තරහ උනා,රැව්වා,ගහගත්තා,හිනා උනා...මට ජිවිතේ ලොකු පාඩමක් ඉගෙනගන්න අවස්ථාවක් ලබාදුන්න.ඉතිං මේ ඊයේ පෙරේදා අපි සමුගත්තා අපෙන්...මං කිව්වා මට මතක් වෙන්න මොනවාහරි දෙන්න කියලා.මේකි දුවලා ගිහින් කොහෙන්දෝ අරන් ඇවිත් දුන්නනේ මට මේ සුකුරුත්තම.(පොටෝ එක බලන්න).

දුන්නනේ මට මේ සුකුරුත්තම!

ඕවා අතේ දානවලු කස්ටිය..එයා හදපු මෙව්ව එකක්ලු.අනේ මංදා,මං ඉතින් සැහැල්ලුවෙන් ඉන්න කැමති මිනිහා හිංදා  "මතක් වෙන්න තියාගන්නම්" කියලා ඒක සාක්කුවට ඔබාගත්තා.ගෙදර ගිහින් නිකමට වගේ ඒකේ සුවද බැලුවා.ඔව්..ඒක මේධාවිගේ සුවදමයි."ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි".එහෙම කතාවක් අහල තියෙන නිසා මං ඒක ලාච්චුවේ තියෙන පොඩි පෙට්ටියට දාන්න හැදුවා.එක්වරම මගේ නෙත ගැටුනේ පොඩි බෝතලයක්.ඒකේ ගහලා තිබුනා "Pure Love" කියලා...

මං හිතන්නේ එතකොට මං 10 වසරේ.හා හා පුරා කියලා ගෑල්ලමයෙක් එක්ක යාලු උන අලුත.වෙනදට ඕනෑවට එපාවට වගේ ඉස්කෝලේ යන මං ඇදුම් මැදගෙන,ලස්සනට ඇදපැලදගෙන යන්න පටන් ගත්තා.ඒ දවස්වල උදේ වරුවෙන් වැඩි හරිය කණ්නාඩිය ඉස්සරහ.ඔහොම කාලේ ගතවෙද්දි මට හිතුනා පොඩ්ඩක් සුවද ගහගන්න.ඉතිං මං ඉස්කෝලේ ඇරිලා යන ගමන් යාලුවෙක් එක්ක "ලවර්" එකට ගොඩවැදුනා.ඔය කාලේ ලවර් එක කිව්වම හිතට දැනෙන්නෙත් අමුතු හැගීමක්.ඒ කිව්වේ "හිරි,ඔතප්" සම්බන්දව.ඔය මං ගිය ලවර් එක පිහිටලා තිබුනේ ගොඩනැගිල්ලක උඩුමහලේ.ඒකට යන්න තියෙන්නේ පිටතින් හදලා තියෙන පඩිපෙලකින්.ඉතින් මං එදා ජීවිතේ ප්‍රථම වතාවට ලවර් එකට ගොඩවැදුනේ පට්ට බයෙන් වටපිට බලබල..ඇයි දෙයියනේ අදුරන කවුරුහරි දැක්කොත් එහෙම මොන දෙයියන්ට කියන්නද? ඉතිං ඔහොම ඇතුලට ගිහින් එතන හිටපු අක්කට කිව්වා මට "සැන්ට්" එකක් අවශ්‍ය බව.ඉතිං තෝරලා තෝරලා සුවද එහෙම ටැස් කරලා මං මගේ ලෝ බජට් එකට හරියන මෙව්වා එකක් ගත්තා. ඒකේ මිල උනේ රු 95 වගේ මතක.හැබැයි ඒක කෙල්ලො යූස් කරන එකක්ද කියලත් මට සැකයි.මං ඇහුවාම කිව්වෙ එහෙම නෑ කියලා.

 
ඉතිං එදා ඉදන් මාස ගානක් ඕක ඉවර වෙනකම්ම මං යූස් කලා.උදේ පාන්දර ඉස්කෝලේ ගිහින්...ගෑල්ලමයට ආදරෙන් කිස් එකක් දෙනකොට,තුරුලු කරන් ඉන්නකොට මට එයාගෙන් ආපු අමුතු සුවදයි, මගේ සෙන්ට් එකේ සුවදයි කලවම් වෙලා අමුතු සුවදක් දැනුනා.. එයාගේ කම්මුල්වලින් මූණ අහකට ගන්න බැරි තරමට මං ඒ සුවදට වශී උනා.මට කියන්න බැරි උනානේ..ඒ සෙන්ට් එකේ නම "Pure Love ❤".ඔය කාලෙන් පස්සේ,ජීවිතේ විවිධ හැලහැප්පීම් වෙලා..අපිට වෙන්වෙන්න උනා.ඒත් එක දවසක්,මං මගේ පරණ ලාච්චුවක් අදිද්දි..මට හම්බුනා අර සෙන්ට් බෝතලේ.මං ඉබේටම වගේ ඒක ඇරලා සුවද බැලුවා.ඔව්..ඒ සුවදමයි,ඔයා මට තුරුල්වෙලා ඉන්නකොට මට දැනුනු ඒ සුවදමයි.මං එකදිගට විනාඩි 5ක් විතර ඒකේ සුවද නැහැයට අදින්න ඇති.නෑ..ඒක වැදුනේ නහයට විතරක් නෙමෙයි.ඒ සුවද දිගේ ගලාගෙන ආපු ඔයාගෙයි,මගෙයි රොමෑන්තික මතකයන් මගේ ඇග පුරාවට ගලාගෙන ගියා.මට සෑහෙන්න සතුටක්,සැහැල්ලුවක් දැනුනා.හරියට ඔයා මගේ ලග ඉන්නවා වගේ..ඔව්! මං දන්නවා ඒක මායාවක්.ඒත් මං කැමති ඇති ඒ මායාවට.ඊටපස්සේ..මං පරිස්සමට බෝතලේ වහලා දැම්මා,වෙන මොකටවත් නෙමෙයි..ලෝබකමට.ඉතුරු උන සුවද ටිකත් හුලගට අහුවෙලා යයි කියලා හිතලා.දන්නවද? මට හිතෙනවා වෙලාවකට..සයිබරයෙන් අපිට සුවදත් ශෙයාර් කරන්න පුලුවන් උනානම් කියලා.එහෙනම් ඔයාටත් ඒ ශෘංගාර සුවද විදින්න පුලුවන් වේවි!

Saturday, August 22, 2015

බයියෙක් කියූ කතාවක්



මැතිවරණයෙන් දින කීපයකට පසු මිතුරෙකු වන "බයියෙකු" අමතා කෝචෝක් පාරක් දැමීමට සිතුවෙමි.ඒ අනුව ඔහුට දුරකතන ඇමතුමක් ගතිමි.ඒ වනවිට සැදෑයාමය උදාවී තිබුන අතර මිතුරා වැඩඇරී නිවසට යාමට කොටුව දුම්රියපොලේ සිටිනබව පැවසීය.අප අතර වූ සංවාදය පහත පරිදිවිය.

මචං අප්පච්චි මලා නේද බං?
එහෙම කියන්න එපා.තාම මැරිලා නෑනේ.ඔය යස අගේට ඉන්නේ.

බලහන්කො ඉතිං..කොච්චර ඩීසන් පිට හිටපු මිනිහෙක්ද අන්තිමට පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න උනානේ.උගෙ වැරදි තමයි බං ඔක්කොටම මුල!

එහෙම නෙමෙයි බං.ඌ හැමදෙයක්ම කලේ හේතුවක් ඇතුව...
මොකක්! මොකක්ද ඒ හරුපේ තේරුම? දැන් එහෙනම් කියපන් බලන්න වසීම් තාජුඩීන්ව මැරුවෙ ඇයි කියලා?

ඕක මොකක්ද බං හැමෝම දන්නවනේ ඒක.නාමල්ට කැප්ටන්සිය ගන්න ඕන හිංදනෙ මැරුවේ.
මොකක්? තෝ ඒක කියන ලස්සන...
ඉතින් බන් ඌ උගෙ පුතා ගැන හිතන්නේ නැතිව වෙන කවුරු ගැන හිතන්නද?

හා හා..දැන් එතකොට හම්බන්තොට වරාය හැදුවෙ මොකටද?
රට සංවර්ධනය කරන්නනේ බං

හරි එහෙනම් මොකද ඒකට නැව් එන්නෙ නැත්තේ?
ඉතින් බං කොළඹ වරායක් තියෙද්දි මොකටද ආයේ හම්බන්තොට යන්නේ? එහෙන් වාහන ටික බෑවත් ආපහු පාරදිගේ කොළඹට අරන් එන්න එපැයි.වරාය හදපු එක ඇත්ත,ඒත් මොකටද නිකං කරදර වෙන්නේ?

උඹ මාර යකෙක්නේ! කියපන් බලන්න ඇයි චීචියට රොකට් අරින්න සල්ලි දෙන්නේ?
ඉතින් බන් ඒක උගේ ආසාවනේ.මතකද අපිත් පොඩිකාලේ රොකට් හදලා යැව්වා.අපේ තාත්තලට සල්ලි තිබුනද අපේ හීනවලට වියදම් කරන්න.ඒ වගේ තමයි බං පොඩි එකාගේ ආසාව නිසා අප්පච්චි ලොස් නැතිව වියදම් කරනවා.අන්න තාත්තල!

ඒකත් ඇත්ත තමයි...එතකොට ලැම්බෝගිනි මොකටද?
යකෝ ලැම්බෝගිනි ගේන්නෙ පදින්නනේ! නාමල්ට ආස හින්ද ඒවා ගෙනාවේ.කොල්ලොනේ බං.

එතකොට කොමිස් ගැහුවේ මොන මගුලටද?
හිතහංකො දෙයියනේ.දැන් උගේ පුතාලට ඕවා කරන්න මහින්දයා ඉපදෙනකොට සල්ලි ගහක් ගෙනාවද? නෑනේ.ඉතින් පුතාලට දෙන්නනේ හොරකම් කරන්නේ.ඒක වැරැද්දක්ද? මොනවා උනත් උගෙ ලමයි ටිකනේ.

ඒ උනාට රනිල් එහෙම......
බොල "වාසුදේවයෝ" ඌට ලමයි නැති හින්දනේ හොරකම් කරන් නැත්තේ.ඒකට අපි පලිද!

එතකොට සුදුවෑන් කතා...මිනීමැරුම්???
ඉතින් ඒවා කරේ කරන්න ඕනේ නිසා...තමන්ට කරදරයක් වෙන උන්ව මරන්නනේ ඒවා කලේ.ඒක වැරැද්දක්ද?

තොගෙ අම්මට *#%&₹(₹#₹%&*#* දඩබඩ...ඩොං...බුදු අම්මෝ!

මට ඇසුනේ මිනිසෙකු කෑ ගහන හඩකි.එසැනින්ම දුරකතනයද විසංධිවිය.මගේ ප්‍රශ්නවලට අරූ ඇගට පතට නොදැනී ගැසූ හයේ පහරවල් වලින් නිරුත්තර වූ මා නැවත ඔහු ඇමතීමටද උත්සාහ දැරුවේද නැත.පසුදින උදෑසන ඔහු ගැන සිහිනෙන්වත් නොසිතූ ආරංචියක් ලද මා වහාම ඔහුට ඇමතුමක් ගතිමි.

මචං මොකද උනේ?
අම්මෝහ්...ඊයේ උඹත් එක්ක කතාකර කර හිටපු තැන තව බයියෝ ටිකක් ඉදලනේ බං.අවුලක් නෑහ්,හෙට ටිකට් කපනව කිව්වා....

ප.ලි.- අර්ධ කල්පිතයකි.අදහස දුන් අකිල දිසානායක ට ස්තූතිය!

Sunday, August 16, 2015

මහමග කුජීතවීම


මේ ඊයේ පෙරේදා දිනයකි,ස්ථානය නිට්ටඹුව නගරයයි.පන්තියක් හමාර වී කොලඹ දිසාවේ සිට "දඩුමොනරයේ" පැමිනි මා අස්සෙන් අස්සෙන් දමා කලර් ලයිට් අසල නැවතුනි.නිව්ටල් එකේ සිටියදී එන්ජිමේ යම් නුහුරු හඩක් ඇසුනු බැවින් දෙතුන් විටක් රේස් කල මට "සෙට්ටපොච්චි" බව වැටහුනි.මිස් කිරිල්ලක් නිසා බයිකය එකවර නතරවිය.එසැනින් කොල එලිය දැල්වුන අතර කිසිවක් කරකියාගත නොහැකි හෙයින් මා පිටිපස හැරී පසෙක තිබූ සීටීබී බසයට "යන්නැයි" අතින් සන් කලෙමි.ඒ යකා මට බැන බැන යන්නට විය.එසැනින් ඉදිරියෙන් තිබූ පොලිස් මුරපොලේ සිටි "අයියා" මා දෙස උවමනාවෙන් බලන්නට වූ අතර මා සෙමෙන් බයිකය තල්ලුකර පාර අයිනට ගන්නා ලදි.ඉන්පසුව දන්න වැඩකිඩ සියල්ලම දමා පෙට්‍රල් ෆිල්ටරය ගලවා කටින් පිබ නැවත බයිකය පණගන්වා ගතිමි.

පසුදින ගරාජයට දමා පෙට්‍රල් ටැප් එක සුද්ධකරවාගෙන යතාතත්වයෙන් බයිකය සමග නිවසට එන්නට පිටත්වීමි.අලුතින් අධිවේගී නඩු ලබාගැනීම ආරම්භකර තිබුනේ එදින බැවින්දෝ අපේ ගමේ පාරේද "අයියලා" රාජකාරියේ යෙදී සිටියාය.(නමුත් වේගසීමා සදහන් කරඇති මාර්ග හිරු අඩවියෙන් බලාගෙන තිබුන නිසා අපේ පාරවල් ගැන මට තඹ දොයිතුවක තැකීමක් නොමැතිවිය) එක්වරම මට ඉදිරියෙන් අයියලා සිටින බව දුටුවද මා සතුව සියලු ලියකියවිලි ඇතිබැවින් එය ගනනකට ගත්තේ මා නොවේ.නමුත් හිටිවනම මාගේ දඩුමොනරයේ පැති කණ්නාඩියක් ගැලවී බිමට වැටුනි.
පැති කණ්නාඩියක් ගැලවී බිමට වැටුනි.

එසැනින් කලබලවූ මා "අයියලා" සිටි තැනට අඩි 10කට පමන මෙහායින් එය නතරකලෙමි.නැවත බයිකය හරවාගෙන යෑම අරුන්ගේ බරපතල සැකයට හේතුවන බැවින් එයින් බැසගත් මා දිවගොස් තවමත් නිරුපද්‍රිතව ගැලවී තිබූ පැති කණ්නාඩිය රැගෙන එය බෑගයට දාගත්තෙමි.මේ අතරතුර මගේ හැසිරීම දෙස ඔවුන් බලාසිටියේ "කොටියෙක් බෝම්බ ගැසීමට සැරසෙනවාදැයි" යන සැකයෙනි.නැවත බයිකයට නැගි මාව "අයියලා" සුවර් එකට නවත්වන බව මට ඉරහද සේ ප්‍රක්ත්‍යක්ෂ විය.මන්දයත් ඇගපතින් කුඩා වූ මා(දන්නෝ දනිති) නිතරම "පොලිස් උකුසු ඇසට" හසුවන බැවිනි.සිතූ පරිදිම මා හට නවතින්නට සිදුවූ අතර මා කිසි වරදක් නොකල හෙයින් නොබියව මගේ ලියකියවිලි ඉදිරිපත් කලෙමි.එය ගත් නිලධාරියකු එය පරික්ෂාකරන අතරතුර ලොක්කා මගෙන් විමසුවේ "මොකක්ද වැටුනේ" කියාය.සත්‍යය පැවසූ මා පුදුම වූයේ එතැන පොලිස් නිලධාරින් දෙදෙනෙකුට අමතරව නිලධාරිනියකද සිටීම පිලිබදවයි.ඉන්පසු පොලිස් නිලධාරියෙක් මොන මොනවාදෝ ලියනවා දුටු හෙයින් ලගට ගොස් ඒ පිලිබදව විමසුවේ නොකල වරදකට දඩ කන්නට වේදැයි ඇතිවූ සැකය නිසාය.නමුත ඊට ඔහු දුන් පිලිතුර වූයේ "කිසි ප්‍රශ්නයක්" නැතිබවත්,මැතිවරණ සමය හෙයින් මාර්ගයේ ගමන්ගන්නා වාහන පරික්ෂාකරන බවත්ය.එම පිලිතුරෙන් මගේ හිත සෑහීමකට පත් නොවුනද කරබාගෙන හිටියේ කුතුහලය සංසිදවා ගැනීමට ගොස් ඉල්ලන් කෑම අනවශ්‍යය බැවිනි.එමෙන්ම මගේ ලිපිනයද සදහන්කරගත් ඔවුහු මට යාමට අවසර දුන්හ.එසේ මගේ වරදක්ද නැතිව තොරතුරු සටහන් කරගැනීම ගැන මට ඇත්තේ ගැටලුවකි.මේ පිලිබදව දන්නා යමෙක් වේ නම් අදහසක් දැක්වීම අගයකොට සලකමි.

******************************************************
දිනක් මගේ නෑදෑ අයියා කෙනෙකු මාව හමුවීමට ආවේ ඔහුගේ පරිගණකයේ අලුත්වැඩියාවක් කරවාගැනීම සදහා මා රැගෙනයාමටයි.ඒ සදහා හාඩ්වෙයාර් කොටසක් අලුතින් යෙදවීමට අවශ්‍යය වූ නිසා එය මිලදීගැනීමට නගරයට යාමට සිදුවිය.ඔහු පැමිණියේ ඔහු අලුතින් මිලදීගත් (සෙකන්ඩ් හෑන්ඩ්) "ඩිස්කවරි"යක වූ අතර එය පැදවීමේ ආසව හා ඔහුට රියදුරු බලපත් නොමැතිවීම හේතුකොටගෙන එය පැදවීම මට බාරවිය.ෂෝටත් ගහගෙන එය පැදගෙන කුරුල්ලා වගේ මා නගරයට ගියෙමි.එයද කලර්ලයිට් මංසංධියකි.එතැනට මීටර් 50කට පමන පෙරදී හංදිය අසල සිටි ටිකක් අදුරන අපේ ඉස්කෝලේ නංගියෙකු දුටුවෙමි.ඇයටද පෙනෙන සේ ලයින් එකක් දැමීමට සිතා ඈතතියාම බයිකයේ "හෙඩ"දැමුවෙමි.ගතවූයේ නිමේෂයකි,අහෝ ඛේදයකි!එක්වරම බයිකය මංසන්ධිය මැද නතර විය.මේ දැන් පොලොව පලාගෙන අපායට වුවද ගියත් කම් නැතැයි මට සිතුනි..

ප.ලි.-පසුව එයත් මාර්ගයේ පසෙකට ගෙන පරීක්ෂාකල පසු දැනගත හැකිවූයේ "රෙක්ටිෆයරයේ" දෝශයක් නිසා බැටරිය චාජ් නොවීම ස්ටාර්ට් නොවීමට හේතුව බවයි.යංතන් ඉතුරුවෙලා තිබුන බැටරි ජුන්ඩත් හෙඩ ගැහීම නිසා "වාශ්ප" වී තිබුනි.

Thursday, August 6, 2015

පුංචි වැල කතාවක්

පුංචි වැල කතාවක්


මෙන්න මේ සිදුවීමනම් අපේ යාලුවෙකුට උන සීන් එකක්(කියමුකෝ...)
සාමාන්‍යයෙන් කොල්ලො ඉතින් වැල වරකා වලට සෑහෙන්න කැමැත්තක් දක්වනවනේ.ඒ උනාට ඉතින් ගොඩක් උන් ඒ වෙලාවට හෝ දින කිහිපයක් පමනක් වැල වරකා අනුභව කරලා ඒවා විසික්කරනවා මිසක් කල්තබා ගන්නෙ නෑ.ඒ උනාට සමහරු ඉන්නවා තමන්ට කොහෙන්හරි  ඒ වගේ රසවත් දෙයක් හම්බුනොත් අනාගත අභිවෘදිය පිණිස කල්තබාගන්න උදවිය.සෑම සෙට් එකකම පාහේ එහෙම එකෙක් අනිවාර්යයෙන් ඉන්නවා.උන් කොච්චර බුද්ධිමත්ද කියනවනම් ඒවා හංගන්නෙ වැලි යට දාලා.මාට්ටුවෙන්නෙ නැතිවෙන්න කල්තබාගන්න ක්‍රම බොහෝමයක් තිබුනත් ගොඩක් අය භාවිතාකරන ලේසිම ක්‍රමය ඒක.ඉතින් මුලින් කිව්ව ආකාරයේ සාමාන්‍ය ජහමනයාට හදිසි අවශ්‍යතාවයක් ඇතිවූ සැනින් මතක්වෙන්නෙ වැල කාපර්ව.අනේ ඉතින් දෙයියනේ කියලා උනුත් අපේ පිහිටට එනවා නෑ බෑ නොකියා.ඒත් පුදුමයට කාරනය වෙන්නෙ උන්ටත් කවදාවත් ඕවා එකතුකරලා කරලා කරලා...ඇතිවීමක් නොවීම.සමහරු ඉන්නවා ගිගා බයිට් ගනන් තමන්ගෙ හත්මුතු පරම්පරාවට ඇතිවෙන්න බඩු තියාගෙන තවත් හොයන අය.ඒ වගේම තමයි,ඒ වැල ඩිස්ට්‍රිබියුටර්ස්ලා ලග ගොඩක් වෙලාවට තියෙනවා වැල බෙදාහරින විවිධ මාධ්‍ය.ඒ කිව්වෙ වැල පෙන්,වැල චිප් ආදිය.ඒවා බිහිවෙන්න ප්‍රධානතම හේතුව මේකයි.


දැන් අපි හිතමු කොල්ලො 5කින් සමන්විත පහේ කල්ලියක් ඉන්නවා කියලා.උන්ගෙන් එකෙක් වැල කොම්පැනියක්.ඉතින් එකෙකුට හදිසි අවශ්‍යතාවයක් ඇවිත් අරූගෙන් ඉල්ලනවා "මචං මට පොඩි උදව්වක් කරනවද?" කියලා.ඉතිං ඒක ඉතා හදිසි අවශ්‍යතාවක් නිසා සීමාරහිත වැලවරකා සහ සමාගමට සිදුවෙනවා හිතවත්කම මත තමාගෙ මොකක් හරි මගුලක දාලා බඩුටික ගැනුම්කරුට ලබාදෙන්න.ඒක හරියට අල්ලපු කඩෙන් බෝතලේ පස්සෙ දෙන්නම් කියලා ඔරේන්ජ් බාර්ලි බෝතලයක් ගන්නවා වගෙ වැඩක්.ඉතිං ඔහොම පලවෙනි ගනුදෙනුකරුට බඩු දීලා දවස් 2ක් විතර යද්දි,තව එකෙකුටත් අර හදිසි මෙව්වා එකම ඇතිවෙනවා.ඉතින් සමාගමෙන් කරන්නෙ අරූගෙන් ඉල්ලගනින් කියලා දෙවැනියව පලවෙනියා ලගට යොමුකරන එක.මේ ආකාරයට ඔය පෙන් එක මේ හතරදෙනා අතර කැරකෙන්න ගද්දි තමයි මේකට මුලින් කිව්ව නම වැටෙන්නේ.


 දැන් ඉන්ට්‍රෝ එක ඇති නොවැ.අපි යමු අන්තරා(දායක) කොටසට.ඔන්න දවසක් අපේ කතානායකයටත් අර විදිහෙ හදිසි අවශ්‍යතාවක් මතුවෙලා අර වැල කාපර් මීට්වෙලා කාරිය වැල චිප් එකක් එහෙම අරගත්තලු.ඒ අතරේ තමන් ලග චිප් දෙකක් තියාගන්න එක අනතුරුදායක නිසා(පර්ස් අස්සෙ ගහගෙන හිටපු අය ආනිසංසය අත්විදලා ඇතිනේ) තමන් පාවිච්චි කරන සින්දු චිපේ අරූට දීල ආවලු.මේ ඩයල් එක මංතුමා තරම් පෝසත් ඩයල් එකක් නොවෙන නිසා :P පාවිච්චි කරකර හිටියේ නොකියා 101 වර්ගයේ පෝන් එකක්.ඒකේ චිප් ගහන්න පුලුවන් උනාට පෙන්නන්නෙ එම්.පී.3 විතරයි.ඉතින් දැන් මූ ඕකත් පෝන් එකට ගහගෙන යනවලු කෑල්ල මීට් වෙන්න.පොර කෑල්ල එක්ක මල් කඩන්නෙ බස් ස්ටෑන්ඩ් එකට වෙලා.ඒක මල් කැඩීම සදහාම ප්‍රසිද්ධ මෙව්ව එකක්.දැන් පොර කෑල්ල එක්ක මල් කඩකඩ ඉන්න ගමන් කෑල්ලගෙ ලත්තන පොටෝ එකක් දැක්කලු ඒකිගේ පෝන් එකෙන්.මූ දුප්පත් පොර උනාට කෑල්ලට තිබිලා තියෙන්නෙ ටච් පෝං එකක්.ඉතිං මූ අර අනිත්‍ය වූ ස්ත්‍රී රූපයට වශීවෙලා ඒ පොටෝ කෑල්ල තමන්ට අවශ්‍ය බව පැවසුවාලු.දැන් ඉතිං තමං ලග තියෙන්නේ වැල චිපක් බව දැන දැනත්,පොටෝවක් කොපි කොරන්ට ඕක ඕපං කොරන්ට අවශ්‍ය නැතිබව සිතා චිප කෑල්ලගේ පෝන් එකට ගැහුවාලු.චිප තමාගේ නොවන බවත්,වීඩියෝ පැත්තට නොයන මෙන් කෑල්ලට පැවසූ මූ පොටෝ එක සොයන්නට ට්‍රයි කලද එය අසාර්ථක උත්සාහයක් විය.කෝ මෙහෙ දෙන්නැයි එය අතට ගත් කෙල්ල එක්වරම  ගැලරිය ඕපන් කලාය..
ඔව් සහෝදර,සහෝදරියනි....ගැලරිය ඕපන් කල විගසම එහි දක්නට ලැබුනේ ඇගේ නූල් පොටක්වත් නොමැති, මොන මොනවාදෝ පෙන්නාගෙන ඉන්නා ස්ත්‍රී පරාණයකි!

Saturday, July 25, 2015

චන්දෙ දෙන්නෙ කාටද? මගේ මතය හා කුහකත්වය





ඊයේ රෑ මොනවද බැලුවේ?
රතුඉර
ආහ්..රෝසිගෙ බොරු අහන් හිටියා නේද?
නෑ බන්දුල ඇත්ත කියනව අහන් හිටියා :P
මෙයා අලියෙක්ද?
නෑ අලියෙක් නෙමෙයි හරකෙක්!


ඔන්න ඕකයි මට අහන්න වුනේ..හු**.මට කියන්නනං වචන ආවා.වැඩිහිටියෙක් හින්දා සද්ද නැතිව හිටියා.

එයා හිතන්නෙ එයා තමයි හැම දෙයක්ම දන්නෙ,එයා හිතන හැමදේම හරි,එයාට ඕනෙ විදියට තමයි අපි ජීවත් වෙන්න ඕනෙ කියල.ඔයා එක එකාට ඕනේ විදියට ජීවත්වෙන එක ගැනනම් මගේ පලවෙනි පෝස්ට් එකේ දාලා තියෙනවා සිහින කුලියට දීම කියල.ගිහින් බලන්නකො.


ඒක ඇත්ත,ඔයා මට වඩා කාලයක් ජීවත් වෙලා තියෙනවා.මට වඩා දේශපාලන ලෝකයෙ වෙලා තියෙන දේවල් දන්නව.ඒත් ඒකෙන් අදහස් වෙනවද ඔයා කියන දේම මං පිලිගන්න ඕනෙ කියල?බැරිවෙලාවත් ඔයා එහෙම හිතනවනම් ඔයාට වැරදිලා.මං එහෙම කෙනෙක් නෙමෙයි.මටත් මොලයක් කියලා එකක් තියෙනවා.අඩුගානෙ අම්මා,තාත්තා කිව්වත් අන්ධ බක්තියෙන් අදහන/පිලිගන්න කෙනෙක් නෙමෙයි මම.මටත් තියෙනවා විචාර බුද්ධියක් කියලා එකක්.මොන පක්ෂෙකට චන්දෙ දුන්නත් උන් කියන සුරන්ගනා කතාවලට රැවටිලා නෙමේ චන්දෙ දෙන්නෙ.සාපෙක්ෂව ගන්න පුලුවන් හොදම තීරනයයි ගන්නෙ.ඔයාගෙයි,මගෙයි දේශපාලන මත වෙනස් වෙන්න පුලුවන්.ඒක සාමාන්‍ය දෙයක්.ඒ පිලිබදව වාද තියෙන්නත් පුලුවන්.නමුත් ඒවා තර්ක මගින් බිදහෙලන එකයි කරන්න ඕනේ.නැතුව පුද්ගලිකව මඩ ගහන එක නෙමෙයි.එත් මං ඒ ගැන පුදුම වෙන්නෙ නෑ.මොකද ඔයාලගෙ "අප්පච්චි"ත් කලේ ඒකමනෙ.මාධ්‍ය යොදාගෙන අමු අමුවෙ මඩ ගහපුව අමතක නෑ අපිට.මැරිච්ච මිනිස්සුන්ට මොකුත් කියන්න මං කැමති නෑ.ඒත් මේක නොකියා ඉන්නත් බෑ.මහින්ද අබේසූරිය මැරුනෙත් ඔය කරපු කැ* වැඩවල දිඨ්ඨ ධම්ම කරුමෙ පලදීල තමයි.ඒ වගේ රජෙකුට වන්දනාමාන කරන වැඩවසම් වහල්ලුත් උගේ ක්‍රමේ අනුගමනය කරන එක පුදුමයක්ද?


********************************************************************************
මේ සැරේ චන්දෙ දෙන්නෙ කාටද?
ඒක මොකටද ඔයාට...
කාට දුන්නත් කමක් නෑ අලියට දෙන්න එපා.


මං දන්නවා ඒ මොකද කියලා...වේටෙක්ස් එක වැහුවා.සතොස වික්කා.රවී සල්ලි කෑවා..මං දන්නවා හැම දෙයක්ම.ඒ ඔක්කොම මං අහපු දේවල්.මොකද එක්කො ඒ කාලෙ මං පොඩියි,නැත්නම් ඉපදිලාවත් නෑ.


 ඒ හැම දෙයක්ම කවුරුහරි මට කියපුවා.නැතිනම් ඇහිච්ච ඒවා.මං කියන්නෙ නෑ ඒවා හරී කියල.වැරදි දෙයක් කවුරු කලත් වැරදියි.ඒ ගැන කියන්න කොන්ද පන තියෙන්න ඕනෙ.මං දන්නවා,රනිල්ට බටලන්දෙ චෝදනා තියෙනවා.ජෙප්පන්ට භීෂණ සමයේ චෝදනා තියෙනවා.

ඒත්,වාසනාවටද අවාසනාවටද මන්ද මං ජීවත් වෙන්නෙ 21වෙනි සියවසේ.මට දැනුම තියෙන්නෙ,අත්දැකීම් තියෙන්නෙ මේ ආණ්ඩු සමය ගැන.ඉතින් මං චන්දෙ දෙන්නෙ මගේ අත්දැකීම් එක්ක.අනිත එක රටක් කවදාවත් අතීතයේ රැදිලා තියෙන්නෙ නෑ නේද? අතීතය වැදගත්,පාඩම් ඉගෙනගන්න.එහෙම කියලා අතීතයේ කරපු එක හොදක් නිසා ඒ පක්ෂෙ තමයි හොදම එක වෙන්නෙ නෑනේ.එහෙමනම් අපේ රටට නිදහස ගන්න පුරෝගාමී උනේ ඩී.එස්. කියලා සන්දාන කාරයොත් තාම යූඇන්පි යට චන්දෙ දෙන්න එපැයි.ඒ වගේම තමයි,මහින්ද යුද්දෙ දින්නා කියලා රට එයාට කන්න දෙන්නත් බෑනෙ.පහුගිය කාලෙ මංගල කියපු ලස්සන කතාවක් මතක් වෙනවා.(ඌ සමරිසියෙක් කියලා මඩ ගහන්න පටන්ගන්න එපා මොකද ඒක එයගෙ පුද්ගලික කාරනයක්.අනික හොදට හෝ නරකට මිනිහා මරු මොලකාරයෙක්)

මිනිහෙක් වතුරට වැටුන ගැහැනියක් බේරාගත්තද,ඇයව දූෂණය කිරීමට අයිතියක් නැත.


 ඉතින් ඒ වගේ තමයි යුද්දෙ දින්නා කියලා රට කන්න දෙන්න බෑනේ.ඒ දවස්වල මං අප්පච්චිගෙ පිංතූරයක් මගේ කාමරේ බිත්තියේ ගහගෙන හිටියෙ,ඒ තරම් ආදරයක්,ගෞරවයක් තිබුනෙ මට මහින්ද ගැන.ඒත් ඉතින් පහු පහුවෙන්න කොහු කොහු වෙන්න පටන් ගත්තා.ඒකට ඉතින් වගකියන්න ඕනෙ අලිබබා සහ හොරු හතලිහම තමයි.


 ප.ලි.- භීෂණ සමය ඇතිවීමට හේතුව හා ඒ සම්බන්ද අත්දැකීම් ඇත්නම් අදහස් පලකරන මෙන් ඉල්ලා සිටිමි.ඔබගෙ අදහස එකහෙලා පිලිගන්නේ යැයි මින් අදහස් නොවනමුත්,එය මගේ දැනුමට ඉවහල් වනු ඇත.



Saturday, July 18, 2015

තලවාකැලේ ආතල් සමග සොදුරු මඩක්


සිකුරාදා හවස මං කෝච්චියට නැග්ගේ මොකටවත් නොව තලවාකැලේ යාමටය.හිතුවක්කාරී පැවසූ පරිදි හිමිදිරි පාන්දර 4ට පොට් එකට යාමට අපේ ගෙදර සිට එලුකොප්පරයක්වත් ඕන වෙනවාය.ඉතින් අපි එදා රෑ කමි අයියාගේ(වැඩිහිටියන්ට ගරු කරන්නත් එපැයි) වාඩියේ ලැගුම් ගන්නට සූදානම් වී සිටියෙමු.
මං තාම බොග දාන්න අලුත්ය.ඉතින් බොගර්ස්ලා මොකෙක්වත් හැබැහින් දැක නැතිවාය.මගේ වාසනාවට රාගමින් රූපේ හා අලුපාට රනා සෙට් උනාය.ඉතින් පොඩි කයියක් එහෙම ගහගෙන කාරිය ඇවිත් අපි තුන්දෙනා මරදානින් බැස්සාය.ධවලගිරියෙන් තෝසේ පාරක් ගිලපු අපි තිදෙන කමියාගේ බජව් කාමරේ සොයා පියමන් කරාය.මග සලකුනු අනුව පැමිනි අපසැම සාදරයෙන් කමියා විසින් පිලිගනු ලැබුවාය.ටික වේලාවකින් මෙතනට මදුරුවෙක් ගොඩවැදුනාය.හෙතෙම නමින් ඇනෝපිලිස් විය.මූ හෙන නාකි පොරක්ය.කොච්චර නාකිද කියනවානම් මයිල් ගහක් නෑර සුදුවී ගොසින්ය.එතැන් පටන් දිගඇරුනු සාකච්චා මණ්ඩපය නිමාවී නින්දට යනවිට පාන්දර 1.30 පමන විය.

 පසුදා උදෑසන 4වනවිට අවදිවුන අපිලා 6 පමන වනවිට කෙසේ හෝ ලංකා ඩේලී බසයට ගොඩවැදුනාය.ඒ සමගම වගේ ගමන් ඇරඹූ බසය තුල අපි සද්ද නැතිව හිටියාය.ටික වේලාවකින් එතුල සිටි අයියලා සමග පිට් වූ අප කයියක් ගහගෙන ගමන්කරන්නට විය.ටික වේලාවකින් අපගේ බඩ පනුවන් ආහාර ඉල්ලා උද්ගෝශනයක් අරඹන්නට විය.නොයෙක ආකාරයෙන් ඉල්ලීම් ඉදිරිපත්කරනු ලැබූවද පාලනාධිකාරියෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය.ඉතින්,අපි ඇතුලු පසුපෙල ක්‍රීඩකයන් අපව බඩගින්නේ තැබීමේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයට එරෙහිව නැගී සිටින්නට වූවාය.මේ සදහා පෙරමුන ගත්තේ රූපෙය.නමුත්...අවාසනාවක මහත! අප සිටියේ පසුපස සීට්වල බැවින් හිතුවක්කාරිට අපව දර්ශනය නොවීය.අවසානයේ දුන්නොත් කනවා යැයි හිත හදාගන්නට අපට සිදුවිය.

සෑහෙන වෙහෙසකර ගමනකින් පසුව තලවාකැලේ ටවුම වෙත සැපත් වීමට අපට හැකිවිය.ටවුම මැද මොකටද මන්දා ටික වේලාවක් බසය නවතා තිබෙන අතර හිතිවක්කාරී අතුරුදහන් උනාය.ඔය අතරෙ ඈට සිදුවූ පුරාන අකරතැබ්බයක් ගොසිප් අප්ඩේට් එකක් ලෙස සවනට වැටුනාය.
 දිනක් හිතුවක්කාරී වඩේ ගැනීමට  කියා සිතාලා වඩේ කරත්තයක් අසල සිටිනවාලුය.සල්ලි සල්ලි කියාල බලන්නේ නැතුව 1000කොලයක් අතේලුය.ලාබ බඩුවේ හිලක් ඇති බැවින් හිල් නැති වඩේ තේරීම සදහා ඇගේ බෙල්ල වඩේ කරත්තයට දික්කරගෙන සිටින අතර දෑත පිටිපස්සට දික්කොරගෙන ඉන්නවාලුය.ඔව් ඉතින් ඒ ගැන කියා වැඩක් නැතිවාය.කවුදෝ පෙම්වන්තයෙක් දාහට විදලාලුය.අයියෝ සල්ලිය.

 කොහෙදෝ සිට ඈ පැමිනි පසු නැවත ගමන් ඇරඹුවාය.තවත් ටික වේලාවකට පසු බස් රථය ප්‍රධාන මාර්ගයෙන් ඉවත්ව වතුපාරවල් දිගේ ඇදී යන්නට විය.එම පාරවල් කොච්චර කුඩාද කිවහොත්,සමහර තැන්වලදී බසය රෝද 3න් ගමන් කල තැන්ද විය.එය තනිකරම ඩ්‍රයිවර් අයියාගේ දස්සතාවය විය.අහල පහල උදවිය කටවල් ඇරගෙන,අත් ඔලුවේ ගහගෙන බලාසිටින්නට උනාය.


දෙයියන්ගේ පිහිටෙන් කිසිදු හෙලකට නොවැටී අතුරු ආන්තරාවකින් තොරව නවාතැන්පොල වෙත ලගා වූ විගස මැච් එකක් බලන්නට වූයෙන් ගමන් මහන්සිය ටිකක් අඩුවී ගියාය.ටික වේලාවකින් ඉස්කෝලෙ පොඩිවුන්(අපටත් වැඩිය පොඩිඋන්) අප කණ්ඩායම එනතෙක් මගබලා ඉන්නවායැයි ආරන්චියක් කන වැකුන හෙයින් මහංසිය නොබලා පාසල කරා ඇවිදයන්නට විය.


විජෙයි වගේ ඉන්න විජේ(පලනි) අයියා ඉස්කෝලේ මේ ලග යැයි පැවසුවද,ඒ පැත්තේ මේ ලගට යාමට පැය බාගයක් පමන ගතවිය.එම කුඩා පාසලට එක එකා ඇතුලුවන වාරයක් පාසා පොඩිඋන් ටික වෙල්කම් සෑර්/මැඩම් යැයි තොරතෝංචියක් නැතිව කෑ ගැසීම පවු යැයි සිතූ අපි සියල්ලෝම එකසැරේ ඇතුල්වූයෙමු.අප ඈදිගත් පසුව කමියා විසින් මං පාසල් කාලයේදී ඇසීමටවත් අකමැති වූ ඒ වාක්‍ය පවසන ලදී.

දුවලා,පුතාලා දැන් සින්දුවක් කියන්න බලන්ට....

 ටික වේලාවක් ඔවුන් සමග ගතකිරීමෙන් අනතුරුව අප කණ්ඩායම තෑගිබෝග ලබාදී නැවත එන්නට පිටත් විය.ඇත්තෙන්ම ඔවුන් සමග ගතකල ඒ මොහොත ඉතා සුන්දර විය.තෑගිබෝග බැලීමට හා නිශාන්ත අයියා සමග ඔවුන් පෙනීසිටි ඡායාරූප නැරඹීමට ඔවුන් දැක්වූ උනන්දුව බලා සිටින්නට තරම් සංවේදී දසුනක් විය.මේ වනවිටත් හිතුවක්කාරිගේ මැතිවරන ප්‍රචාරන කටයුතු කාටත් හොරා ඇඹරී-ඇරඹී තිබුනි.කොහෙන්දෝ කැලෑවකින් රැගෙන ආ බිස්කට් පැකට් දෙකක් පොඩිඋන් අත තැබූ ඈ නැවත අප හා එක්විය.

අපේ දුක දැක ඔහුගේ දෙනයන උපන් කදුලින් සේදිලා....විජේ අයියා අපිට සුපිරි වෑන් ඒකක් සෙට් කල නිසා හොදට හිටියාය.ඔහුට පිං දෙමින් පොල් පැටෙව්වා සේ හෝ වෑනයට ගොඩවැදුන අප අනෙක් පාසල කරා ගමන් කලාය.එම ගමන ගැනනම් පුද්ගලිකව මං තෘප්තිමත් වන්නේ නැතිවාය.එතැන සිටි ලමුන් පිරිස හා සසදන කල්හි,ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වීමක් මා අපේක්ශා කලාය.

 නමුත් අපේ අනාගත මැතිවරණ අපේක්ශිකාවගේ තවත් ප්‍රචාරණ වැඩපිලිවෙලක් අතිසාර්තක ලෙස ක්‍රියාත්මක වූයේ මෙතැනදීය.උම්මා දෙනවා,පොටෝ ගන්නවා,මොට්ටු තියනවා....එක විකාරයයිය.තව අවුරුදු 10කින් මේ ඡන්ද ඔක්කොම හිතුවක්කාරිගේය.
ඉන්පසු යාන්තම් පනකෙන්ද බේරාගෙන පෙරේතකමින් පැමිණි අප ලන්ච් එක හවස 4ත් පසුවී ගිලදමන ලදි. සමහරුන්ගේ නම් අදහස වූයේ මෙය කණ්ඩායමේ බර අඩුකර ඔවුන්ගේ සරීරත් තමාගේ මට්ටමට ගැනීම සදහා හිතුවක්කාරී විසින් කරන ලද හිතුවක්කාර වැඩක් බවය.නමුත් එයිනුත් අසරනයට පත්වූයේ මං වැනි දුගී දුප්පත් ජනයාය.

ඉන්පසුව නා කියාගෙන කාරිය,අල්ලාප සල්ලාපයේ හා ප්‍රවෘත්ති බැලීමට පටන් ගත්තාය.පුවත් විකාශ 3ක් පමන එකදිගට බැලීමෙන් අනතුරුව කස්ටිය කොටු කොටු දර්ශන වාරයක් සදහා සෙට් විය.මං තාම පොඩි එකා නිසා සහ ගමන් මහන්සියත් නිසා රෑ කෑම ගැනීමෙන් පසු මා බ්ලැන්කෙට්ටුවක් තුලට වී ගුලිවිය.නමුත් අවාසනාවට,මැදියම් රැයේ සිදුවූ දරුනු වාග් ප්‍රහාර මාලාවක් නැරඹීමේ අවස්තාව මට මිස් විය.(කටුස්සාට හා ඇනෝපිලිස්ට නම් ඕවා මතක නෑලු ය.එබැවින් ඔවුන්ගෙන් විමසීමෙන් වලකින්න)

එම අවස්ථාව්දී ගන්නා ලද ඡායාරෑපයක්
 
පසුදා උදෑසන 8 පමන වනවිට ලකලැහැස්ති වූ අප උනු උනු පාන් අනුභව කොට පිටත් වන්නට විය.බසය තුල පොඩි බජව්වක්ද දැමීමෙන් අනතුරුව කිරිකැට් තරගාවලිය තිබෙන ස්ථානයට අප සැපත් උනාය.පිට්ටනිය දුටු විගස අපේවුන් පැවසුවේ මේකේ 6 පාරවල් ගහන එක කජ්ජක් බවය.අපි ටික පිට්ටනියට ගොඩවැදුන පසු පලමුව කලේ පිච් රිපෝට් එක ලබාදීමය.වෙල්කම් ටු ද අයි.සී.සී. වුමන්ස් ට්‍රොපි සීරීස් ඔෆ් උඩරට කදුකර..සිරියා පරදන....බ්ලා බ්ලා බ්ලා...

 සාම්ප්‍රදානුකූල වැඩටිකකින් පසුව හිරිපොද වැස්සේ උවද පලමු තරගය ආරම්ඹ විය.එය නම් ඉතාමත් දැකුම්කලු,බලාසිටින්නට ආසා හිතෙන මට්ටමේ තරගාවලියක් විය.මුල් ටික ටිකක් බොරින් උවද අවසානය තරග කීපය පට්ට පට පට විය.මුල් තරගවලදී හොදින් ක්‍රීඩාකල,සිංහල ක්‍රීඩිකාවන් කීපදෙනෙක්ද සිටි ඩ්‍රැගන් කණ්ඩායම තරගයෙන් ඉවත්වද්දී අවසාන වටය සදහා සුදුසුකම් ලැබුවේ ආදරණීය ටජ්මහල් සමග අප හීනෙන්වත් බලාපොරොත්තු නොවූ කුඩා කණ්ඩායමකි.මේ පිලිබදව වැඩි විස්තර කටුස්සා පලකර ඇති බැවින් මං මොකුත් කියන්නට යන්නේ නැතුවාය.

ආහ්...ෆයිනල් මැච් එකට පෙර අපේ සුහද කිරිකැට් මැච් එකක්ද තිබුනාය.අප නම් බලාපොරොත්තුව සිටියේ කෙල්ලන් සමග සෙල්ලම් කිරීමටය.නමුත් අපේ බලාපොරොත්තු සුන්කර දමමින් අඩයාලම් කණ්ඩායම අප සමග තරගයට බටහ.පලමු ඕවරය අවුලක් නැතිව ගියාය.දෙවැනි එක දැම්මේ සත්සර අයියාය.ඔහු දැමූ එක් අහස්කූරු පන්දුවක් කීපරයාට සිටි මාගේ හිසටත් ඉහලින් ප්‍රක්ශිප්ත විය.පිටිපස තිබූ දැල නොතිබෙන්නට නෝ බෝල් කෙසේ වෙතත් බෝලය නම් නැති වෙනවා සුවර්ය.තුන්වන ඕවරය දැම්මේ අපේ සුද්දා ජෙරම්ය.මූ බේස්බෝල් දාන විදියට බෝල දැමීම නිසා පිට්ටනියම සිනා සාගරයක් විය.ඒත් කමක් නෑ එක බෝලයක්වත් විකට්ටුව අහලින්වත් නොගියාය.ඔක්කොම ලොවෙත් වයිඩ්ය.අපේ පලනි අයියා "යකෝ මෙහෙට බෝලෙ දාපිය" යැයි (ඉංගිරීසියෙන්) කිව්වද පලක් නොවූ තැන ඌ දාන තඩි වයිඩ් පන්දුවලටද පැන පැන පහරදී අපේ ඕවර් ඉවර කලාය.ඉන්පසුව අපේ පිලට බැට් කරන්නට අවස්තාව උදාවූ අතර ඕවර 2ක් පමණක් ක්‍රීඩාකර තරගය නවත්වන ලද්දේ අපේ ආත්ම ගෞරවය සේදීයාම වැලැක්වීමටය.

ඉන්පසුව පැවති අන්තිම ලාස්ට් ෆයිනල් මැච් එක ගැන කතාකිරීම දුක්ඛදායකය.මක්නිසාද යත් අපි සප් එක දුන් ටජ්මහල් කණ්ඩායමට ශෝකජනක ඉරනමක් අත්වීමය.පසුව මං හිතුවක්කාරිට යෝජනා කලේ බියුටි ඔෆ් ද සීරීස් සම්මානය යෝගේශ්වරීට දෙමුදැ කියාය.නමුත් ඈ සිත්පිත් නැති එකියක සේ මගේ ඉල්ලීම ඉවත
දැමීය.
 

තෑගිබෝග බෙදාදීමෙන් අනතුරුව අඩයාලම් කණ්ඩායම හා ටජ්මහල් ටීම් එක සමග පොටෝ වලටද මුහුනදුන් අප නැවත බඩගින්නේ කෑම කන්න පොට් එකක් සොයා ගමන් ඇරඹීය.ටික දුරක් පැමිනි පසු පාලමක් අසල පාර අයිනේ නැවතුන බසයෙන් බට අප පාලමේ ඇන්දට ගොඩවැදී ආහාර අනුභව කරන්නට විය.ඉන්පසු නැවත ගමරට බලා පිටත්වන්නට වූ අතර ඒ අතර සිදුවූ විශේෂ සිදුවීම් කටුස්සා පලකර ඇත.

ඉන්පසුව නිදිකිරමින් අප කොලඹ බලා ගමන්කල අතර මහ රෑ ගෙවල් බලායාමට කෝච්චියක් නොමැතිකමින් අසරණ වූ මංතුමා,රූපේ හා අලුරනා තම සරණාගත කදවුර වෙත ගෙනයාමට කටුස්සා පියවර ගත්තේය.එදින රාත්‍රිය එහි ගතකල අප උදෑසන බොරැල්ල තෙක් පැමින කටුස්සාට සමුදුන්නාය.

 ප.ලි.-රන්දුනු සහෝදරයාගේ ලිපියට මෙතනින් ගොඩවන්න..

Friday, July 10, 2015

මේ තරම් සියුමැලිද කලුගල්...


දම්මි..අර
මොකක්ද?
අර බලනවකෝ..

විනීතා පෙන්වූ දසුනින් දම්මිගේ ගත හිරිවැටී ගියේය.සුගත් තම යහලුවන්ද සමග රැස්වීම් බූමියට පැමිනෙමින් සිටියේය.

මචන්..දම්මි ඉන්නවා.අර අරෙහෙ බන්.

සුමිත් යහලුවාට පවසන්නට විය.

කට වහගෙන වරෙන්
.
සුගත්ගේ පිලිතුර විය. මිතුරාට එසේ පැවසූ නමුත් සුගත් ඒ වනවිටත් ඇය දෙස හොරෙන් බලා අවසන්ය.හෙමිහිට ඇයව මගඇරෙන සේ රැස්වීම් පෝලිමට එකතු වූ සුගත් මිතුරන් සමග කතාවට වන්නට විය.
ගතවූයේ විනාඩි කිහිපයකි.නිකමට මෙන් කතාබහ අතරතුර පසෙකට හැරුනු සුගත්ට දැකගත හැකිවූයේ තමා දෙස අහිංසක ලෙස බලාසිටින දම්මිය.තත්පරයක් දෙකක් එදෙස බලාසිටි ඔහු රුදුරු ලෙස නෙත් ඉවතට ගත්තේය.දම්මිගේ සිතට ආවේ එසේ මෙසේ දුකක් නොවේ.තමා මෙච්චර ආදරය කරන තම පෙම්වතා තමාව නොසලකා හැරීමට තරම් නපුරු උනේ ඇයිදැයි ඇය සිතන්නට විය.

මං දන්නවා දම්මි.ඔයා හිතනවා ඇති මට තියෙන්නෙ ගල් හිතක් කියලා.ඒත් ඒක ඇත්ත නෙමෙයි.මං ඔයාට තාමත් ආදරෙයි,ඉස්සරටත් වඩා.කලින් දගල දගල හිටපු ඔයාට වඩා ඔයා දැන් ඉන්න විදියට මං කැමතියි.ඒත් මොනවා කරන්නද? අපිට වෙන්වෙන්න උනා,ගොඩාක් හේතු නිසා.මං තරහා නෑ ඔයත් එක්ක,පොඩ්ඩක්වත්.ඒත් මං මෙහෙම ඉන්නෙ අපි දෙන්නගෙම හොදට.ඔයාගෙ අහින්සක ඇස්දෙක දැක්කම මට පිස්සු හැදෙනවා.ආයෙත් ඔයා ලගට දුවගෙන එන්න හිතෙනවා.ඒ නිසයි මං ඔයා දිහා නොබලන්නේ,නැතිව තරහකට නෙමෙයි.ඒත් අපි ඇත්තට මුහුණ දෙන්න එපැයි.අපි වෙන්වුනේ නොගැලපීම් නිසයි.අපේ වැරදි නිසයි.ඒ වගේම අනාගතය ගැන හිතලා.අතලග විබාගයක් එනවා මට.ඒක වෙනුවෙන් වැඩ කරන්නත් ඔනිනේ.සුගත් සිතිවිලි යායක පාවී යන්නට විය.

පාසල ඇරඹීමට පෙර,විවේක කාලයේ හා නිදහස් කාලච්ඡේද වලදීද දම්මිගේ වත ඔහුගේ නෙත ගැටුනද ඇය දෙස නොබැලීමට සුගත් පරෙස්සම් විය.නමුත් ඈට නොදැනෙන්නට,ඇය දෙස බලාසිටිමට ඔහු ප්‍රියකලේය.

 වසර කිහිපයකට පසු,එදින උදාවිය.නොඉවසිලිවන්තකමකින් සුගත්ගේ සිත පිරී පැවතිනි.උදෑසනම ලකලැහැස්ති වූ සුගත් පාසල කරා ඉක්මන් ගමනින් පියනැගීය.ඒ වනවිටත් දම්මි ඔහු එනතුරැ බලාපොරොත්තු දල්වා බලාසිටියාය.මොහොතකුදු පමා නොවූ සුගත් ඇය කරා පියනගන්නට විය.දම්මිත් ඉක්මන් ගමනින් ඔහු වෙත දිව ආවාය.නිමේශයක් ගතවීමට මත්තෙන් දෙදෙන තරයේ සිප වැලදගන්නට විය.


මං ගොඩාක් පාලුවෙන් හිටියේ,ඔයා නැතිව..
මාත්...

කතාබහ කරන්නට අවකාශයක් නොවීය.දම්මිගේ හා සුගත්ගේ කාන්තිමත් දෙනෙත් බොහෝ දෑ පවසන ලදී.
සුගත් තවත් බෝතලයත් අතට ගත්තේය.නැවත කල්පනා ලෝකයට වැටුනේය.ආදරයක් වෙනුවෙන් තම ජීවිත අරමුණ  කැපකල හැටි,නමුත් තම කදුලු මතින් ඒ ආදරයම පැනගිය හැටි,ඒ නිසාම තමාට මානසික රෝගියෙකු වන්නට වූ හැටි, අවසානයේ තම ජීවිතය පවා විනාශ වූ සැටි මැවී පෙනෙන්නට විය.එහෙත්,ඈ කෙරෙහි තරහක් ඔහු සතුව නොතිබුනි.ඔහු සිනාසුනි...හදපුරා නැගෙන වේදනාව සගවා සිනාසුනි.

 මචං,හෙටත් ගාමන්ට් යන්න ඕනෙ නේද?අදට ඔය හොදටම ඇති.වරෙන් යන්න උබව ගෙදරට එක්කන් යන්න.
 මිතුරා එසේ පවසන විටත් සුගත් සිහිසුන් වී සිටියේය.

ප.ලි.-සත්‍ය කතාවක් ඇසුරිනි.නම්,ගම් මනඃකල්පිතයි.

Monday, July 6, 2015

ඔව් සුබා..මේක ඔයා වෙනුවෙන්!



මං එදා හදිසි තීරනයක් ගත්තා.පහුවෙනිදම බණ්ඩාරවෙල යන්න.මං හිතුවා ඈත දුරකට ගියාම මට පොඩ්ඩක් හරි සැනසීමක් ලැබෙයි කියලා.ඉතින් පහුවෙනිදාම මං ගියා.ගිහින් සතියක්  විතර හිටියට මොකද කිසිම වෙනසක් වුනේ නෑ.ඒ දවස්වල මරු චැට් සර්විස් එකක් මට සෙට් උනා.ඒකත් මට ඉන්ට්‍රොඩියුස් කලේ රුකායි,ශෙනියයි..ඔව්,උබලා තමයි.කාලකන්නි හැ**.

ඉතින් ඒකට පිං සිද්දවෙන්න ටයිම් පාස් කරකර හිටපු මට අහම්බෙන් වගේ ඔයා මීට් උනා.විස්තර ටිකක් අහද්දි ඔයාත් බණ්ඩාරවෙල සයිඩ් එකේ කියලා දැනගත්තම මට හිතුනෙ,අපරාදෙ මං කලින් ආවෙ,තව ටික දවසක් හිටියනම් ඔයාව හම්බවෙලාම එනවනේ කියලා.

ජීවිතයේ හොදම හරිය අවුල්වෙලා යද්දී
තමා අතට  තම අතවත් සෙවනක් නැති වෙද්දී
විරිත්තන්න දහස් ගනන් මගබලාන ඉද්දී
නුබට සැපක්දෝ....මේ ඇස් කදුලින් තෙත්වෙද්දී

ටික දවසක් යද්දි අපි යාලුවො උනා.නිකම් යාලුවො නෙමෙයි,මැන්ගො ෆ්‍රෙන්ඩ්ස්ලා.ඒ දවස්වලනම් වැඩිපුරම කියෙව්වෙ මං තමයි.ඔයා අහගෙන හිටියා.මට උත්තර හොයලා දුන්නා.මාව තේරුම්ගත්තා,කාටවත්ම වැඩිය හොදට.එදා ඉදන් තාමත්,උදේ ඇහැරෙන වෙලාවෙ ඉදන්....මහ රෑ නිදාගන්නකම්...තොරතෝංචියක් නැතිව ගිරවියක් වගේ කතාකරන එකට මං හරි ආසයි.

ඒ විතරක් නෙමෙයි.හැම දෙයක්ම දිහා බැලුවම මට හිතෙනවා,මං මෙච්චරකල් හෙව්වෙ ඔයාවද කියලත්...සමහර අය යශෝදරාව පරමාදර්ශී චරිතය කරගන්නවා වගේ,මගේ පරමාදර්ශී චරිතය වෙන්නෙ ඔයා..ආඩ්ම්බරයි මට, ඔයා ගැන..ඒ වගේම සතුටු වෙනවා ඔයා වගේ මිතුරියක් ලැබීම ගැන....

මිලාන ජීවිතය
මැලවී යන්නට නොදී
රැගෙන එය දෝතටම
හුස්ම පිබ ආදරෙන්
දලු දමන ජීවිතය
තුටින් සිනාසෙන අයුරු
බලා සිටි අපූරුව...
හැරනොයා කිසිවිටෙක
හදපතුලෙ රැදි ඔබව
අමතන්නෙ මා කෙලෙස
සොදුරු දෙව්දුවක මිස.. .

Saturday, June 27, 2015

ඔබ මා හමුඋන..මේ ඉරහද යට..






මං පොඩි කරදරයක වැටිලා ඉන්න වෙලාවක මං ටයිම් පාස් කරන්න පාර දිහා බලාගෙන හිටියා.මට එකඑක ඒවා මතක් උනා.ඔයාවත් මතක් නොවුනා නෙමෙයි.එක පාරටම පාරේ එහාපැත්තේ ඉදන් ඔයායි,තව මහත(තප්පදෝරු) කෙල්ලෙකුයි කහඉරින් පාර පනින්න ලැස්ති වෙනවා.මං එකපාරටම හිතුවේ ඒ ඔයාගේ අම්මා කියලා.ඇයි දෙයියනේ එච්චර සයිස්??? මට මොකුත් හිතාගන්න බැරිඋනා.මං ඔයා දිහා බලාගෙන හිටියා.ඔයා මාව දැක්කේ නෑ,යන්න හදපු ගමන වෙනස්කරලා ඔයාලා බස් එකට නැග්ගා.මං හිමීට බස් එක පේන තැනකට ආවා.ආවා නෙමෙයි,යැවුනා.එක පාරටම ඔයා මාව දැක්කා.ඒක් පුදුමයක්...මං ඔයාට හිනාවෙලා අත වැනුවා.ඔයාත් හිනාවුනා අතවැනුවා හිමීට.මං ඉතින් ඔයා දිහා බලාගෙනම හිටියා.ඔයා බිම බලාගත්තා..ලැජ්ජාවටද?බස් එක අද්දන්න හදද්දිම ආයෙත් ඔයා මං දිහා බලලා යන්නම් කිව්වා.ආවා වගේම ඉක්මනට ඔයා ගියා.

ආදරයත්,වෛරයත් අතර වෙනස කෙස් ගහකට සමානලු.මං අහල තියෙනවා එහෙම.සමහර වෙලාවට මට දැනිලත් තියෙනවා එහෙම.ඒත් මං හිතන්නේ නෑ ඒක 100% ඇත්ත කියලා.ඔයා මාව දාලා ගියාට පස්සේ මං ඔයාව දැක්කේ එකසැරයයි.ඒත් අහම්බෙන්.මට ඕනකමක් තිබුනෙත් නෑ ඔයාව දකින්න.මං අඩුගානේ ඉස්කෝලේ මීට් එක බලන්නවත් ආවේ නෑ ඔයාව දකින්න කැමති නැති නිසා.

මං වෛර කරපු අය ඉන්නවා.කරන අයත් ඉන්නවා.ඒත් මොන පුදුමයක්ද කියන්න දන්නේ නෑ.මට ඔයාට චූටියට රිද්දන්න හිතිලා තිබුනට කවදාවත් ඔයාට වෛර කරන්න හිතිලා නෑ.මොකද මට එහෙම කරන්න බැරි නිසා.මං හිතන්නේ ඔයාටත් එහෙම ඇති.ඔයාගෙ ලස්සන හිනාවයි,ඉස්සර වගේම තාමත් මට කතාකරන චූටි ඇස් දෙකයි දැක්කම හැමදෙයක්ම අමතක වෙලා යනවනේ.ඒ වෙලාවට ඉබේටම වගේ මටත් හිනායනවා.
ඒ වගේ අහම්බෙන් හම්බඋන වෙලාවක,ඊට තත්පර කීපයකට පස්සේ පපුව දිගේ හරහට හීනියට රිදුමක් නොයනවා නෙමෙයි.ඒත් රිදිලා තියෙන රිදුම්වල හැටියට මේක මට පුරුදුයි.මං දන්නවා..කවදාහරි අපි ආයෙමත් හමුවෙයි.එදාටත් කිසි වෙනසක් නැතිව පුරුදු විදියටම හිනාවෙලා,ඔයාගෙ චූටි ඇස්වලින් අර ඔයාගේ අමුතු විදියට ඇස් ගහලා,අපේ පිස්සු වැඩ ගැන කතාකරන්න පුලුවන්නම්.....මං ඔයාගෙන් බලාපොරොත්තු වෙන එකම දේ ඒකයි....

ඔබ මා හමුඋන මේ ඉර හඳ හට
කොතනැක සිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනිවි//

ඔබ සිත සිත මා සිත හමු උ දා සිට
මා ලය පීදි පරවු පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසක
මගෙ ළග තනියට ඉනු මැනිවි//

කඳුල සුසම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කළ සැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනිවි//

Thursday, June 18, 2015

කෝච්චි ආතල් හා ටික්කෝ






දුම්රිය,එහෙමත් නැතිනම් කටවචනෙට කියනවනම් කෝච්චියේ යනඑන එක අමුතුම අත්දැකීමක් නොවැ.උදේ හවා වැඩට යන්න,ක්ලාස් යන්න විතරක් නෙමෙයි,දුර බැහැරක,වන්දනාවක යන්න උනත් තමන්ගෙම කියලා වාහනයක් නැති උදවියට පිහිටට තියෙන්නේ මේක නොවැ.ඉතින් මං හිතුවා අද ඒ ගැන කතාවක් ලියන්න.

ඔන්න එකෝමත් එක කාලෙක උදේ හවා හවා ‍ට්‍රේන් එකෙන් ක්ලාස් ගිය මටයි,යාලුවෙකුටයි වෙනසකටත් එක්ක දුර බැහැර පොඩි ට්‍රිප් එකක් යන්න හිතුනාලු.ඒ දවස්වල බයික් එකක් තියා ලැයිසොන්වත් අරගෙන නොතිබුන නිසා ආතල් එකටත් එක්ක ගමන යන්න තීන්දු කොලේ කුචු කචුවේ තමාය.ඉතින් හිතුව දාට පහුවෙනිදා උදේ වේයන්ගොඩ ඉස්ටේසමට ඇවිත් නමෝ විත්තියෙන් කියාලා උඩරට මැණිකේගේ එල්ලී ගමන පිටත් උනාය.කෝච්චි ගමනේ ෆුල් මාවලස් එක ගන්න පුලුවන් වන්නේ ෆුට්බෝඩ් එකේ ගියෝතින්ය.මං කියන්නේ මරණ මංචකය පෙනි පෙනී පාපුවරුවේ එල්ලී යාම නොවේය.(එහෙම අත්දැකීමුත් කීපයක්ම ඇත) ආරක්ෂා සහිතව දොර ලගින් සිටගෙන යාමය,නැතහොත් පාපුවරුවේ ඉදගෙන යාමය.ක්ලාස් ගොහින් එද්දී කකුලේ අමාරුවට ඕකේඉදගත්තාට,විශේෂයෙන් උඩරට බලා චාරිකා කොරද්දී ඉදගෙන යන්නේ අවට සිරි අසිරි විදින්නටය.

නමුත් දුම්රියේ හිටු කියා හුදී ජනයා සිටි බැවින් ඇතුලට යන්නට ඉඩ ලැබුනේ නැත.රඹුක්කන දක්වා මග දෙපස මෙලෝ රහක් නැති නිසා ඒ ටිකටවත් ඇතුලට යන්නට සිතා සිටයද හෙල්ලෙන්නටවත් ඉඩක් නැත.ඉතින් මංතුමා හා ගමන් සගයා ෆුට්බෝඩ් එකේ නැගී එල්ලීගෙන ගමන් කොරනවාය.(මේ විදියට යන එක නම් එපා වෙන වැඩක්ය.මංතුමා කලින් සදහන් කොලේ මේ එල්ලීයාම නොවේය). මීරිගම පසුකොල සැණින් ධාරාණිපාත වරුසාවක් ඇද හැලෙන්නට උනාය.පෙට්ටියේ උන් ආතල් එකේ ඉද්දි අපි එලියේ සිට තෙමෙනවාය.කොරන්නට දෙයක් නැතිය.ලිස්සන්නට හැකිනිසා පුරුෂ ශක්තිය දමා පොල්ල අල්ලාගෙන පොල්ගහවෙල දක්වා වූ පැයක ගමන තෙමීගෙන ආවාය.එතැන් පටන් ඉඩකඩ ටිකක් ලැබුන අතර වැස්සද නතර විය.

ඔය විදියට දැන් යකඩ යකා හූ කියකිය ගමන් කොරනවාය.අපිත් ඉතින් හූ කියකිය යනවාය.මැණිකේ හැටන් කරා ලගාවනවිට අපිට ඉඩකඩ සහිත අපේම කියාගතහැකි දොරක් සෙට්වී තිබුනි.හැටන්වලින් අපේ පෙට්ටියට අක්කා කෙනෙක් නැග්ගාය.පෙනුමේ හැටියට දෙමලය,පට්ට කෑල්ලක් නොවුනද තලෙලු පාට අමුතු ලුක් එකක් තිබුනාය.කෝච්චිය ටික දුරක් ගමන් කරන විට මං හිටගෙන හිටියා ඇති නිසා පාපුවරුවේ ඈදිගත්තාය.අරූටත් ඈදිගන්ට යැයි කියූ නමුත් ඌ දුම්රියේ උඩරට බලායන පලමු ගමන නිසා වටාපිටාවේ ඇති අලංකාරයෙක් වසීකෘත වෙලාය.ටික වේලාවක් ගියපසු අර අක්කා මට එහාපසින් ෆුට්බෝඩ් එකේ වාඩි උනාය.බෑගය ඇතුලෙන් ලොකූ බයිට් පැකට් එකක් ගෙන කන්නට විය.දැන් ඉතින් ම‍ගේ කටට කෙල උනනවාය.අපි ඉතින් එදාත්,අදත් හිගන්නෝ නිසා(හෙට නම් එසේ වන්නට අදහසක් නැත) කන්නට මොකුත් ගෙනාවේත් නැතුවාය.අපිට මේ දැන් දෙතියි යන හැගීමෙන් යුතුව අපි කෙලපෙරාගනෙ බලා සිටියාය.ම්හු..කිසිදු ප්‍රතිචාරයත් නැත්තේය.වෙලාවට එතනින් ගිය වඩේකාරයෙකුට පිං සිද්ධවෙන්න(උන්ගේ ගිණි ගණන් වලට පිං සිද්ධවෙන්න???) වඩයක් හපන ගමන් පාලු මැකෙන්නත් එක්ක ආක්කාව ‍ටෝක් කරන්නට පටන් ගත්තාය.එයා මොන්ටිසෝරියක් කරනවාලුය.අම්මලා දැන් ඉන්නේ හපුතලේ පැත්තේ පැට්ටේරියකලුය.මේ අම්මලා බලන්න යන ගමන්ලුය...ආදිය කීවාය.පුදමය කියන්නේ මෙච්චර ලගපාත හිටියත් තාම ඒ පැත්ත පලාතේ ට්‍රේන් එකෙන් ගිහින් නෑලුය.මං ඉතින් ඔය විදියට වංහුං අහඅහ ගියාය.මං ඉතින් පණ්ඩිතයා වාගේ ඈතින් පේන ෆොක්ස්හිල් එකේ නරියා එහෙම පෙන්න පෙන්න ලකුණු දාගත්තාය.ඔය විදියට යද්දී මාරම සීතලක්දැනෙන්නට විය.ඉතින් මං මගේ අනිත් අත අක්කාට ඉස්සරහින් දමාගෙන අනිත් පොල්ල(දොරේ) අල්ලාගෙන ඉන්නවාය.මං ඒම ඉන්නේ අක්කාගේ ආරස්සාවටය. මැණිකේගේ නැලවිල්ල හමුවේ එයා වැටෙතැයි බයේය.ඔය අ‍තරේ මගේ අතේ යමක් දැවටෙනවාය.අම්මටහුඩු..බලන කල්හි අක්කාගේ රණහංස යුවල නිමල නිල් ජලාශේ..ආනන්දනීය රැගුම් නංවනවාය.එයාට ගාණක්වත් නැත්තාය.එයාට කමක් නැත්තං මට මොකද කියා මාත් ඔහේ හිටියාය.

මේ කිව්වේ එක කතාවක් පමණිය.තව කියන්නට කතා තියෙනවාය.ඒවා ඉතිරි එපිසෝඩ්වල පලකොරනවාය.එතකං මද විරාමයක්ය...